31

684 103 104
                                    

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


විශ්වාසය කියන්නේ මහ පුදුම දෙයක්.. එදා අපර්ට්මන්ට් එකේ දී අහිංසා නංගි කරපු දේ ගැන වචනෙකින්වත් දෙනුවන් මල්ලි ඇහුවේ නෑ වගේම ඒ ගැන කතා කරන්න උවමනාවක් මට තිබ්බෙත් නෑ.. කැම්පස් එකේ වැඩ එක්ක මුළු සතියම බිසී වෙද්දි එයා එක්ක මම වචන දහයකට වඩා කැම්පස් එක ඇතුලෙදී කතා කරන්නේ නැතුව ඇති..

අහිංසා නංගි ටිකක් අසනීපෙන් වගේ නිසා ඒ ටිකේම මායී, පොඩි බොසයි එයාව අපර්ට්මන්ට් එකේ නවත්ත ගත්තා.. ඒක මගේ හිතට හරි බරක් වුණාට එහෙමයි කියලා මට එයාව යවන්න බෑනේ.. ඒත් ඒ කිසිම දේකට දෙනුවන් මල්ලි මුකුත්ම කිව්වේ නෑ.. ඒත් වෙනද ට වඩා අපි දෙන්නා අතර හරි අමුතු දුරස්ථ බවක් තිබ්බා..

මේ සතියම හවසට එක එක වැඩ එක්ක කැම්පස් එකේම කාලය ගෙවිලා ගිහින් මම ඇද රෙද්දට තව ටිකක් ගුලි වුණේ අද ඉරිදා වෙලත් කැම්පස් යන්න තියන අකමැත්තටයි..

හෙට අවුරුදු උත්සවේ වුණාට එහෙම එකක් තියනවට වඩා හොඳයි නොතියම හිටියා නම් කියලා දහස් වතාවකට වඩා අපිට හිතුණට අවුරුදු උත්සවේ ලොකුවටම ඕර්ගනයිස් වුණා..

හැම වැඩක්ම කලට වෙලාවට ලෑස්ති කරලා නිසා ලොකු ලොකු රිස්ක් එකක් තිබ්බේ නෑ.. ගැමිගෙදරයි, ස්ටේජ් සැරසිලි ටිකයි විතරක් කරන්න තිබ්බ නිසා අද නයිටක් අදින්න ඔක්කොමලා කතා වෙලා තිබ්බා.. වෙලාව දහයටත් කිට්ටු වුණාට මට නම් ඇදෙන් බහින්න හිතුනෙම නැති තැන මම අනිත් පැත්ත හැරිලා ඇස් පියා ගත්තා..

" ලොකු බොසා.. නැඟිටපන්.. ලෝක විනාසේ... "

පොඩි බොසා ටින් බෙලෙක්කේ හොලෝ හොලෝ දොරට තඩි බෑවා.. මට කේන්තිය බාල්දියෙන් එකයි.. මුගේ රෑ කෑම එකට නිදි පෙත්තක් දාලා දෙන්නෝනේ.. ඇයි වදේ.. මේක හරි මඟුලක්නේ.. මම එයාට හිතින් බැන බැන දොර අඟුල ඇරලා ආයෙම ඇදට ඇවිත් පැන්නම මේ යකත් හෙන කදයා වගේ මගේ පස්සෙන්ම කාමරේ ඇතුලට ඇවිත් මගෙ ඇඟ උඩින් පත බෑවුණා... මෙලෝ විචාරයක් නෑනේ ඉතින් මේ ගස් උලමට.. ලැජ්ජාවක් නැද්ද මන් අහන්නේ..

NONIMI🌷✅Donde viven las historias. Descúbrelo ahora