අවසානය🌷

969 111 211
                                    

>>> එක්තරා දවසක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


>>> එක්තරා දවසක්

" සහස් මොනාද මේ තාත්ති කියන්නේ ? අහ්.. "

" So what's wrong with that.., I want to go out with my friends.. ම-ම තා-ම, දැන් පො-ඩි ලම-යක් නෙමෙයි අප්පච්චි නේ-ද ?

කැඩුනු සිංහල එක්ක ඉංග්‍රීසි මික්ස් කරලා සහස් කතා කලා.. මම දෙන්නගෙ අවන්ඩුව දිහා කොණක ඉදන් බලන් හිටියා.. සහස් කියන්නේ වයස අවුරුදු දාසයක් වුණ වැඩුණ කොල්ලෙක්.. ලංකාව වගේ රටක නම් ගෙදරටම තියාගෙන හදා ගත්තට පිටරටවල එහෙම බෑ.. ඉතින් මම කියලා මොනා කරන්නද හිතාගෙන මම කෙලින්ම පාර්ටි එකට යන්න හදන එක තෙහස් අයියගේ කනේ තිබ්බා.. දැන් ඉතින් මෙතන එක යුද්ධයයි..

" අහ් දැන් ඒකත් එහෙමද.. මේ ගෙයින් එක අඩියක් එළියට තියන්නේ බලාගෙනයි.. පොඩි ළමයෙක් නෙමෙයි.. මොනාද දන්නේ මේ ලෝකේ ගැන.. හිතාගෙන ඉන්නේ හරි පරිණතයි කියලද.. "

" තාත්ති බලන-කො අනේ.. එයා තාත්ති එ-ක යාලු-නේ While going to campus, Ah.. Then he seems to forget how old he is.. ම-ට තමා සෙ-රම නි-තී.. "

සහස් ගස්සගෙන ජනේලේ ළඟ බින් බෑග් එකට කඩාගෙන වැටුණේ මූණ ඉරට්ටක් කරන්.. ඉතින් තෙහස් අයියගේ කෝපි පාට ඇස් හරි අපූරුවට සහස් ට ගිහින් තිබුණේ එයාගේ නපුරු කම එක්කමයි.. ඒ එක්කම එතනට ආවේ දෙනුවර බයික් එකේ යතුරත් කරකව කරකවමයි.. එයාට තිබුණේ හරිම නිවුණු වටකුරු ඇස්.. මගෙ වගේ.. ඉතින් සම සමව අපි දෙන්නගෙ ජාන බෙදිලා යන්න අධික වියදමක් දරලා අපි අපේම පවුලක් හදාගත්තේ දැනට අවුරුදු 16 කට කලින්..

" එතකොට දැන් ඔය පොඩි මහත්තයා, කොහෙ යන්නද මේ... "

ඒ පාර තෙහස් හැරුණේ පඩිපෙලෙන් පහලට එන දෙනුවර දිහාවට වෙනකොට එයා මූණ ස්ටෝබෙරියක් කරගෙන බැලුවේ මන් දිහා.. පොඩ්ඩ ඇත්තම් තෙහස් අයියගේ වචන ළඟ එයා ස්ටෝබෙරි පාටට රතු වුණේ මට මාව ම මතක් කරලයි.. මා දිහා බලපු එයා ආයෙම ඒ පිම්මම තෙහස් අයියා දිහා බැලුවේ සහස් තරම් හොඳට එයාට සිංහල නොතේරෙන නිසායී..

NONIMI🌷✅Donde viven las historias. Descúbrelo ahora