ඔළුව පුපුරන්න තරම් රිදෙනකොට මම හෙමීට ඇස් ඇරියේ ජනේලෙන් යාන්තමින් වැටුණු ආලෝකයත් එක්කමයි...ශාන් කණ්නාඩි මේසේ ගාව ඉදන් එයාගේ ඩේ ක්‍රීම් එක ගානවා.. අත් දිඟ ජර්සි ටයිප් එකේ කලු ටී-ශර්ට් එකයි කළු ඩෙනිමයි, කළු ඩෙක් එකයි.. මන් කල්පනා කලේ ශාන් ට මොනා වෙලාද කියලයි.. කළු කියන්නේ ශාන් ආසම පාට වුණාට මෙච්චර රස්නේ කාලෙට අත් දිග අදිනවා කියන්නේ ශාන් ව නිකන් මරනවා වගේ වැඩක් වෙනකොට මෙයා බෙල්ල වැහෙනකම්ම තියන ස්කාෆ් කෑල්ලත් තියන ටී-ශර්ට් එකක් ඇදන් ඉද්දි මගේ ඔළුව කැක්කුමත් අමතක වෙලා ගියා..
" උබ ඇහැරුණාද.. ඉක්මනට පැක් කරගෙන වරෙන්.. ඉධුවර අයියා කිව්වා අපේ වාහනේ හදන තැනට ගිහින් දැම්මා කියලා.. එතනින් ඒකත් අරගෙන ගෙදර යන්න පුළුවන් ලු.. "
" දැන් වෙලාව කීයද බන්.. "
මන් ඇද වටේම ෆෝන් එක හෙව්වත් හම්බුනෙ නැති තැන ශාන් ගෙන් ඇහුවා..
" නවය පහු වෙලා.. "
ශාන් ගේ හඬ බිදිලා ගිහින්.. එයා හෙන අමුතු වෙලා තිබුණා...
" මොකෝ උබ අද මහසෝනා වගේ කළු පොරෝගෙන.. "
" එහෙම එකක් නෑ.. වැඩිපුර ඇදුම් ගෙනල්ලා තිබ්බෙත් නෑ.. මේක උඩම තිබ්බ නිසා ඇදගත්තා.. "
මන් අහපු ගමන් ඒ ඇස් ගැස්සුණත් ඒක එච්චර නොපෙන්වා ශාන් උත්තර බැන්දා.. මාත් හ්ම්ම් කියලා ඇදෙන් බැස්සා... මේසේ උඩ ඩයිජින් පෙති දෙකක් තියනවා දැකලා ආයිමත් මන් ශාන් දිහාවට හැරුණා..
" මට ගෑස්ට්‍රික් වැඩි වුණාද බන්.. "
" අහ්හ්.. "
" මේ ඩයිජින් නේ.. උබට ඕනි නෑනේ කෝමත් ඕවා.. මටනේ ඕනී.. "
" අහ්.. මට පහලම නින්ද ගිහින් බන්.. උබව උඩට ගෙනල්ලා තියෙන්නේ ඉධුවර අයියා.. "
YOU ARE READING
NONIMI🌷✅
Non-Fiction❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡