08

688 115 37
                                    

     

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     

                     ❝ කාන්තා අයිතිවාසිකම් විතරක් තිබුණාම ඇති කියලා මිනිස්සු හිතුවට ඒක වැරදී.. පිරිමින්ටත් අයිතිවාසිකම් තියෙන්නම ඕනි.. කාන්තාවන් විතරක් නෙමෙයි අපහසුතාවයන්ට පත් වෙන්නේ.. පිරිමිත් අපහසුතාවයන්ට පත්වෙන අවස්තා අනන්තවත් තියනවා.. ඒත් ඒක කවදාවත් එළියට එන්නේ නෑ.. කාන්තාවකට කරදර කලා කියලා නිව්ස් වලට ගියාට පිරිමියෙක්ට කරදරයක් කලා කියලා ලංකාවේ නිව්ස් වල අහන්න හම්බෙන්නේ නැතිම තරම්.. ඉතින් කොහොමද පිරිමි අයිතිවාසිකම් ගැන කතා කරන්නෙවත්.. ඒ නිසාම තමා හැමවෙලේම පිරිමි ගැහැණු කියන ලිංග බේදෙන් මිදිලා අපි විවෘත මනසකින් හිතන්න ඕනි ❞





💜







මේකගේ තියන ආඩම්භරකාර කමට දෙන්න හිතයි දෙකක්.. අම්මපා කොල්ලොත් දැක්කා මේ වගෙ එවුන් දැකලා නෑනේ.. මන් හිතෙන් දෙහි කැපුවේ දෙනුවන් මල්ලිට.. මට මේම පුරුදුයි.. හැයි හැයි.. කියවන්න විතරයි දන්නේ.. අම්මපා තෙහස් උබටත් හොඳ වැඩේ බබ්බු නලවන්න යනවට.. දැන් බලමුකෝ දුවන්න පනින්න වුණාම මෙයාගේ රැස් බහින හැටි..

" ඔකේ ගායිස්.. අපි හැමෝම මුලින්ම වෝම් අප් වෙන්න එක්සර්සයිස් ටිකක් කරලා ඉමු.. අපේ ස්පෝට්ස් ටීම් එකේ සීනියර් අයියා කෙනෙක් එනවා ඔයාලාට එක්සර්සයිස් කරන්න.. හැමෝම පේලි හැදෙන්න එහෙනම්.. මිටි කට්ටිය ඉස්සරහට ඉන්න පේලි හදාගන්න.. ටීම්ස් ටික වෙන වෙනම හැදෙන්න.. "

මම එහෙම කියලා ගියා මගේ ටීම් එක ළඟට.. සෙට් එක උස මිටි මනිනවා.. මම ඉතින් බටු ඇටේ වගේ ඉන්න අහින්සා නංගිව අරන් ඉස්සරහින් හිට්ටුවට පස්සේ කට්ටිය පෝලිමට හිටගත්තා..කෙල්ලෝ හයට පස්සේ කොල්ලන්ගෙන් ඉස්සරහම හිටියේ දෙනුවන්.. කොල්ලෝ විතරක් පෙල ගැස්සුවා නම් මූ තමා ඉස්සරහම ඉන්නේ.. කොට හාවා.. මම දෙනුවන් ඉන්න හරියෙන් නැතුව පස්සට වෙන්න හිටගත්තා..

NONIMI🌷✅Where stories live. Discover now