SECRET ROOM

2.4K 420 17
                                    

Third person POV.....

එදා ජිමින්ටයි ටේටයි යුනි එකට යද්දී ලෙක්චර්ස් පටන් ගෙන තිබුනා පරක්කු වෙලා ආව නිසා එයාලට. ලෙක්චර් එකට යන්න හම්බුනේ නෑ.

කොහොමත් හැමදාම ඩයිනමයිට් කාලා ඉන්න එයාලගේ ප්‍රොෆිසර් ට පරක්කු වෙලා ආපු මේ දෙන්නව දැක්කම තියෙන ඔක්කොම තරහවල් මේ අහිංසකයන් දෙන්නගේ පිටින් යවලා හෝල් එකෙන් එලියට දැම්මා..

Jimin POV......

අපි යුනි එකට යද්දී ටිකක් පරක්කු වෙලානම් තමා තිබ්බේ ඒත් දෙන්නත් එක්කම තරගෙට දුවන්න ගියේ අද ඉන්න ප්‍රොෆිසර් හුගක් නරක කෙනෙක් නිසා . මොකක් හරි දෙයක් හොයන් ළමයින්ට බනින්න මෙයාට තිබ්බේ පුදුම ආසාවක්. ඒක නිසාම තමයි වදින්න තියෙන හැම දෙවියෙක්ටම වැද වැද ප්‍රොෆිසර් කාරයා ඇවිත් ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කෙරුවේ . ඒත් කොහෙද එයා හැමදාම ගානට මිම්මට තිතටම වැඩ කරන කෙනෙක්නේ .

අපි හෝල් එක ඇතුලට යන්න හදද්දිම බඩ තඩි ප්‍රොෆිසර් අපි දිහා බැලුවේ හරියට නිකන් සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ . එයා විතරක් නෙවෙයි මුලු හෝල් එකෙම හිටපු ලමයි මායි ටේයි දිහා බලන් හිටියේ ඒ විදිහට. මාත් පොඩ්ඩක් වේ දිහා බැලුවේ අපි දෙන්නගේ ඇදුමේ ප්‍රශ්නයක් ද දන්නේ නෑ කියලා හිතන් . එතකොට තමයි දැක්කේ දනිස් දෙකට අත් දෙකත් තියන් මහ හයියෙන් හුස්ම ගන්න ටේව අයියෝ අපි ටිකක් හයියෙන් දුවපු නිසා කොල්ලට හොදටම හති ඒක දැක්කම මට නිකන්ම හිනා ගියේ ටේ මට රවපු විදිහට 😂😆

මොනාද කරන්නද ඉතින් අන්තිමට වුනේ ප්‍රොෆිසර් ළමයින්ට දෙන්නේ ගියපු ලෙක්චර් එක නවත්තලා අපි දෙන්නට ලොකුම ලොකු ලෙක්චර් එකක් දීලා හෝල් එකෙන් එලියට දාපු එක.😖😖

ටිකක් වෙලා එතනට වෙලා ඉදලා බැරිම තැන අපි library ඒක හොයන් ගියේ කම්මැලිකමට පොතක්වත් කියවන්න කියලා හිතන්. ඒත් ඉතින් ඒක කොහෙද හරියටම තියෙන්නේ කියලා අපි දෙන්නම දැනන් හිටියේ නෑ.මොකද අපිත් තාම යුනි එකට ඇවිත් සතියයි . ඒක නිසා මෙහෙ තියෙන සමහර තැන් ගැන හරිහැටි යමක් දන්නේ නෑ 😌.

Third person POV......

ජිමිනුයි ටේයි දෙන්නත් එක්කම ප්‍රොෆිසර්කාරයටත් බැන බැන ඔහේ යුනි එක වටේම ඇවිද්දා . ටික වෙලාවකින් ඒ දෙන්නම ටිකක් අමුතු විදිහේ කාමරයක් ඉස්සරහට.

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now