Third person POV....ටේ ඒ මුලු කතාවම අහගෙන හිටියේ ඇස්වල කදුලු පුරවන්... තමන්ට කිසිම දෙයක් මතක නැති වුනත්.. ඒ කතාව බොරුවක් කියලා හිතන්න තරම් ටේ මෝඩ වුනේ නෑ.... ටේටවත් ජිමින්ටවත් තවත් ඒ දුක පාලනය කරගන්න බැරි වුනේ ජන්කුක්ගේත් යුන්ගිගෙත් ඇස්වලින් කදුලු කැට දිහා බලලා....
අ...අනේ... මට සමාවෙන්න..... කුකී.... අනේ.... ඔයාලා.... ඉහි ඉහි.... ම්...මට... සමාවෙන්න..... ටේ අත් දෙකත් එකතු කරගෙන හයියෙන් අඩන්න ගත්තා... ජන්කුක් නැගිටලා ඇවිත් ටේ ලගින් දනගහගෙන ඒ රෝස පාට කම්මුල් තමන්ගේ අත් අතරට අරගත්තා....
ඔයා... සමාව ගන්න ඕනේ නෑ ඒන්ජල්.... අපිව ඒ විදිහට විනාශ කරලා දාපු ... ඒ තිරිසන්නු දෙන්නව අපි විනාශ කරලා දාන්න ඕනේ.... එකෙක් ඉවරයි තව ඒකයි ඉන්නේ... ඌත් ඉක්මනටම අපිට මුනගැහෙයි.... ජන්කුක් කිව්වේ තරහත් දුකත් මුසු වුනු හැගීමකින්.... ටේ ජන්කුක්ගේ බෙල්ල බදාගෙන තවත් හයියෙන් අඩන්න ගත්තේ තාමත් එයා නිසා ඒ දේවල් වුණා කියලා තමන්ටම දොස් පවරමින්...
දැන් ඇඩුවා හොදටම ඇති ටේ.... අපි තවත් අඩන්න ඕනේ නෑ.... අපිටම කියලා ලස්සන ජීවිතයක් අපිට තියෙනවා..... නම්ජුන් කිව්වේ ජින් ගේ අතින් තද කරලා අල්ල ගන්න ගමන්....
ඒක තවත් ලස්සන වෙයි.... අනිත් එකාවත් මරලා දැම්මම.... හෝසොක් කිව්වේ දත්මිටි කාගෙන.... ජන්ග්හ්‍යයන් ඇවිත් හෝසොක්ගේ පිටට තට්ටුවක් දැම්මේ සන්සුන් වෙන්න කියලා සන් කරන ගමන්...
( ජන්ග්හ්‍යයන් කියන්නේ කුකීගේ අයියා... ජන්කුක්ගේ ප්‍රින්සිපල් )
හරි දැන් අඩලා කරලා ඉවරද?? අපිට දැන් ආයෙමත් ඉස්සර වගේ ජොලියෙන් ඉන්න පුලුවන්.... බය වෙන්න එපා... හැමදේම හරියයි... ජින් කිව්වේ නම්ජුන්ගේ උරහිසට අතකුත් දාලා ලස්සනට හිනා වෙන ගමන්....
.
.
.කට්ටියම තමන්ගේ ආගිය තොරතුරු ඒ දවස් වල එයාලා සතුටින් හිටපු හැටි.. කතා කරකර හිනා වෙවී කාලය ගත කළා... ඒත් ටේට නම් එයාගේ හිත හදාගන්න බැරි වුනා.... ඒත් ජන්කුක්ගේ උණුහුම ටේහියොන්ට සැනසීමක් ගෙන්වා...