KIDNAP

1.7K 297 30
                                    


Third Person POV.....

ටේකුක් දෙන්නම හිටියේ පාක් එකට ඇවිත්... සතියක් තිස්සෙම කට්ටියම අර පරණ ගෙදර හැංගිලා හිටපු නිසා.. ටේගේ බල කිරීමටම ජන්කුක් එයාව ලග තිබුණු පාක් එකට එක්කගෙන ආවා... පැයක් ගිහිල්ලත් ටේටනම් ගානක් නෑ පිස්සු හැදිලා වගේ නටනවා.. ජන්කුක්ත් ඒ දිහා බල බල හිනාවෙනවා... ටිකකින් ජන්කුක්ට කෝල් එකක් ආවා..

බබා... බබා.... ජන්කුක් ටිකක් හයියෙන් කතා කලේ ටේ හිටියේ දුරින් නිසා...

ඇයි හියුං.... ටේත් ආපිට කතා කලා...

මට කෝල් එකක් මං පොඩ්ඩක් අරහෙට යනවා.. කොහෙවත් යන්න එපා ඔතනම ඉන්න.... ජන්කුක් එහෙම කියලා එතනින් ටිකක් ඈතට ගියා ... ටේත් ජන්කුක් කියපු එකට ඔලුව වනලා ආයේ මත් පිස්සුවෙන් වගේ සෙල්ලම් කලා...

📲📲📲📲

Jk : හෙලෝ... හියුන්.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද...

NJ : ඔව් කුකී. පුලුවන් ඉක්මනට ගෙදර එන්න... ලීගේ මිනිස්සු අපේ ගේ වටේත් කැරකෙනවා.. ඔයාලා ඔතන ඉන්න එක එච්චර safe නෑ... පුලුවන් ඉක්මනට ගෙදර එන්න.....

Jk : ආහ්... හරි හියුං... මං මේ එනවා..

NJ : හ්ම් පරිස්සමින්...

📲📲📲📲📲📲📲📲

ජන්කුක් කෝල් එකත් කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන ආයේ මත් ටේ ඉන්න පැත්තට ගියේ ඉක්මනටම ගෙදර යන්න කියලා හිතාගෙන... ඒත් ටේ හිටපු තැන ටේ හිටියේ නැති නිසා ජන්කුක් හුගක් කලබල වුනා...

බබා... බබා.... කෝ.. ඉක්මනට එන්න... අපි දැන්ම යන්න ඕනේ... ජන්කුක් හයියෙන් කෑ ගහ ගහ මුලු පාක් එක පුරාම ටේව හෙව්වා.. ඒත් ඒ කිසිම තැනක ටේ හිටියේ නෑ... ජන්කුක් ඉක්මනට කාර් පාක් එක පැත්තට ගියේ ඒ හරියෙවත් ටේ ඉන්න කියලා දෙවියන්ට ප්‍රාර්ථනා කරන ගමන්....

හි.....යූං....... බේරගන්න........ ටේ හයියෙන් කෑ ගහැවේ ජන්කුක්ව එයාගේ ඇස් වලට පෙනුන නිසා... ජන්කුක් හඩ ආව දිහාවට හැරුනම තමයි දැක්කේ... ටේව කලු ඇදගත්ත මිනිස්සු වගයක් වාහනේකට දාගන්නවා...

ඒයි....ඔහොම ඉන්නවා.... ජන්කුක් දුවගෙන ගිහින් ටේව පැහැරගන්න හදන මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා.... ඒත් ජන්කුක්ට පිටි පස්සේන් ආපු මනුස්සයෙක් එයාගේ ඔලුවට පොලු පාරක් ගහනවත් එක්කම ජන්කුක් සිහි නැතිවෙලා ඇදගෙන වැටුණා....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now