DEADLY HOUSE

2.2K 418 18
                                    

ජිමින්ටයි ටේටයි හොදටම නින්ද ගිහින් තිබ්බේ.දෙන්නගේ නින්ද කොහොමෙට තිබ්බද කිව්වොත් හවස 3.00 පහුවෙලත් මේ දෙන්නා නිදි. හොදට ගුලි වෙලා පොඩි එවුන් දෙන්නෙක් වගේ නිදි .

ඒත් එක්කම එතනට ආවේ මේ කාමරේ අයිතිකාරයෝ දෙන්නා. ඒ කිව්වේ යුනිවර්සිටි එකේ ඉන්න රාක්ශයෝ දෙන්නා කිව්වොත් හරි. යුනි එක තුල තමන්ගේ අණසක පතුරුවාගෙන.මුළු යුනි එකම බය කරවගෙන ඉන්න ඒ monsters ලා දෙන්නම මහන්සි දැනුනම.ආතල් එකක් ගන්න හිතුවම.කොටින්ම කිව්වොත් යුනි එකේ කාට හරි මොකක් හරි කුප්ප වැඩක් කරන විදිහ plan කරන්න මේ තැන එයාලා පාවිච්චි කලා. එතනට එන්න අවසර තිබ්බේ ඒ දෙන්නටම විතරයි.

සාමාන්‍යයෙන් මේ තැනට පිටින් ආපු කෙනෙක්ට අන්තිමට ගන්න පුළුවන් වුනේ විකල්ප දෙකක් විතරයි එක්කෝ ඇදුම් නැතුව මුළු යුනි එක වටේම යන්න ඕනේ නැත්තම් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නගේ තරහ නිවෙනකම් ගුටිකන්න ඕනේ.හැබැයි ඉතින් එහෙම ගුටිකාපු හුගක් අයට එක්කෝ සාදාකාලිකවම තමන්ගේ අතක් පයක් නැතුව තමයි ඉන්න වෙන්නේ .ඒ තරමටම එයාලා දරුණුයි.

අනේ ඉතින් අර පුංචි අහින්සකයෝ දෙන්නටත් වෙන්න යන්නේ මේ දේමද.මේ කිසිම දෙයක් නොදැන මේ දෙන්නා තාම නිදි

( කොහෙද, මං කිව්වා නැගිටපන් කියලා.මටත් පයින් ගහල නිදාගත්තනේ.දැන් ඉතින් කාපන්කෝ )

......................................................................

Hobo POV.......

මේ දවස් වල ටේ හැසිරෙන්නේ හරිම අමුතු විදිහට. එයා පුංචි කාලේ දැකපු ඒ හීනෙමද ආයේ මේ දකින්නේ. අනේ මංදා ,මට වෙලාවකට එයා ගැන බය හිතෙනවා.එයා පොඩි කාලෙත් ඒ විදිහමයි කවුරු හරි කෙනෙක් එනකම් මෙයා බලන් හිටියා ඒත් ඒක එයාගේ treatment වලින් පස්සේ හරි ගියානේ.ඇයි ආයේ පාරක් මේ විදිහට හැසිරෙන්නේ . කවුද මේ ටේ නිතරම දකින කෙනා . කෙල්ලෙක්ද,නැත්තම් කොල්ලෙක්ද . අනේ මංදා ආයේ එයාට treatment කරන්න වෙයිද? මට බෑ...

ආයේ මගේ චූටි මල්ලි විදවයිද? අනේ ආයේ නම් එහෙම වෙන්න එපා දෙයියනේ.....

Third person POV..........

හොබී තමන්ගේ කාමරේ ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කලේ ටේ ආයෙත් හීනෙන් බය වෙලා කෑ ගහන එක ගැන.ඇත්තටම කිව්වොත් ටේ පොඩි කාලෙත් රෑට හීනෙන් බය වෙලා කෑ ගහනවා.ඊට පස්සේ එයාව sociologist කෙනෙක්ට පෙන්නුවා.එතකොට තමයි එයාලට දැනගන්න පුළුවන් වුනේ ටේ මේ රෑට හීනෙන් කියවන්නේ එයාගේ පෙර ආත්මයේ වෙච්ච මොකක් හරි සිදුවීමක් ගැන කියලා.ඒත් treatment වලින් පස්සේ ටේට ඒක අමතක වෙලා ගියත් ආයෙත් පාරක් එයා පරන විදිහටම හැසිරෙනවා දැක්කම හොබීගේ හිත ටිකක් කලබල වුනා.

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now