MURDER

1.6K 320 27
                                    

Third person POV....

ටේ හිටියේ හොදටම නිදාගෙන ඒත් එකපාරටම එයාලගේ ටෙන්ට් එක ලගින් ඇහුන සද්දේ නිසා ටේ ඇහැරුනා... එතන තුන්දෙනෙක් ගේ හෙවනැලි ටේගේ ටෙන්ට් එකට වැටිලා තිබුනා... ටේ ජන්කුක් දිහාවට හැරුනේ එයාව ඇහැරවන්න හිතාගෙන ඒත් එතන ජන්කුක් හිටියේ නෑ.... ටේට දැන්නම් ටිකක් බය හිතුනා... ටිකක් වෙලා කල්පනා කරලා... යේ තීරණය කළා එලියට යන්න... හිමීට ටෙන්ට් එකෙන් එලියට ඇවිත් වටපිට බලනකොට ටේ දැක්කා ජිමින් අර කන්ද පැත්තට යනවා.... ටේ ජිමින්ට කතා කරන්න හැදුවත් ජිමින් ඇයි මෙහෙම හදිසියෙන් යන්නේ  කියන හේතුව හොයාගන්න ඕනේ නිසාම ටේ ජිමින්ගේ පිටිපස්සේ ගියා....

Tae  pov......

ආයිශ්.... මේ කොටබරියා... කොහෙද මේ..මහ රෑ යන්නේ.... අනේ මංදා එක්කෝ මාත් යනවා මොකද දන්නෙ නෑ ඔච්චරටම ඔය කන්ද පැත්තට යන්න තියෙන හදිසිය... කඩියා වගේනේ අප්පා මෙයා ඇවිදින්නේ....

ජිමින් කොච්චර හයියෙන් ඇවිදිනවද කියනවනම් මං දුවල ගියත් මං හිටියේ එයාට වඩා මීටර් සීයක් විතර දුරින්....
මං නැගිටිනකොට හියුන් මං ලග හිටියෙත් නෑ... එතකොට අර තුන්දෙනා කවුද අපේ ටෙන්ට් එක ලග හිටිය... මේ ජිමිනා කොහෙද මේ පන කඩාගෙන දුවන්නේ....

මං මගේ හිතේ එක්ක ප්‍රශ්න කරන අතරෙදි... මට ජිමින්ව මගහැරුනා... රෑ වෙන්න වෙන්න කන්ද පැත්තේන් එන සීතල හුලං පාරත් දරුණු උනා... හදිසියට ආව නිසා හරියට සීතල වැහෙන්න ඇදුමක්වත් දා ගත්තේ නෑ... ඒත් දැන් ආයේ හැරෙන්න බෑ..

Third person POV...

ටේට ජිමින්ව මගහැරුනත් ටේ නවතින්නෙම නැතුව ඉස්සරහට ගියා... සීතල සුලගයි ගොඩක් උස කන්දක් නගින නිසත් ටේට හුගක් මහංසි දැනූනා... වටපිට බලලා ලග තිබ්බ ගලක් උඩින් වාඩි වෙලා මහංසි හරිනකොට ඒ ලගින් මං කෙනෙක් කෑගහන සද්දේ නිසා ටේ ගැස්සුණා... සැනෙකින් ටේගේ මතකයට ආවේ ජිමින්ව... තවත් පරක්කු නොකර ටේ ඒ සද්දේ ආපු දිහාවට දිව්වා....

























ටික දුරක් යනකොට ටේ දැකපු දෙයින් එයා එතනම ගල් වුනා.....







































ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now