Namjun's Protest

1.8K 360 52
                                    

Jeon home....

එදා ජන්කුක්ගේ ගෙදර ලොකු යූද්ධයක් වගේ. නෑ නෑ ජන්කුක් නිසා නෙවෙයි. නම්ජූන් සහ මිස්ටර් ජියොන් අතර. වුන දේ කෙටියෙන් කිව්වොත්. නම්ජුන්ට මගුලක් සෙට් කරලා. ඒත් තාම නම්ජුන් හිටියේ ජින් මත්තෙම නැහීගෙන ඒක නිසා එයා ඒකට කැමති වුනේ නෑ. ඒත් ජියොන් අද එයාලව නම්ජුන්ට මුන ගස්සන්න ලෑස්ති කරලා තිබ්බේ. ඒක නිසා තමයි අද එයලගේ ගෙදර තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගත්තේ. අනේ අසරණ ජන්කුක් මේ යුද්ධෙට ආහූවෙච්ච හා පැටියෙක් වගේ අර දෙන්නගේ රණ්ඩු බේරනවා.එයා කලේ නමුජුන්ගෙයි අප්පගෙයි පණිවුඩ හූවමාරු කරපු එක. මොන දේ කිව්වත් දෙන්නම හිටියේ ඒ දෙන්නගේ මතය වෙනස් කරගන්නේ නෑ කියන මූඩ් එකේමයි.

Namjoon: ජන්කුක් මෙයාට කියන්න මට කිසිම කසාදයක් ඕනේ නෑ කියලා.

Mr jeon : ජන්කුක් මෙයාට කියන්න ඇවිත් පොඩ්ඩක් ඒ ලමයව බලලා යන්න කියලා. දැන් මං කිව්වේ නෑනේ ඒයාව ඔයාට කසාද බන්දලා දෙනවා කියලා..

ඔන්න ඔහොම වලිය දිගින් දිගටම කරගෙන ගියා. අන්තිමේදි ජන්කුක් වගේම අප්පගෙත් දැඩි ඉල්ලීම නිසාම නම්ජුන්ට මනමාලි බලන්න යන්න වුනා.
යුන්ගිට එන්න වෙන්නේ නෑ කිව්ව නිසා ජන්කුක් නම්ජූන් සහ මිස්ටර් ජියොන් තුන්දෙනාත් එක්කම හවස මනමාලි බලන්න ජියොන් කම්පැනි එකට අයිති හොටෙල් එකට යන්න පිටත් වුනා. යන ගමනුත් නම්ජුන් නෙවෙයි එයාගේ කට වහන් හිටියේ. " හ්හ මං කැමති වෙයි ඔය මේකප් මෝහිනියෙක්ට මලත් බදින්නේ නෑ ඕකුන්ව" " බැලුවා කියලා මං බදින්නේ නෑනේ . ගියපු ගමන් කියනවා කැමති නෑ කියලා" " පුහ් පවුඩර් යකින්නක් මගේ ඇගේ ගහන්න හිතන් ඇති. මං ඇල්ලෑයි ඕකුන්ට" ඔන්න ඔය වගේ කියව කියව අන්තිමේදී හෙටෙල් එක ලගට ආවා. මිස්ටර් ජියොන්ගේ සැර පරුශ වචනයකින් නම්ජුන් එයාගේ කට වහගත්තා.

ඇත්තටම එදා නම්ජුන් වගේම ජන්කුක්ත් හරිම ලස්සනයි.. ( බලන්න ඕනෙද ලමයි....🤭🤭🤭 )

🤭🤭🤭 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now