JK'S MURDER

1.7K 297 25
                                    


ජන්කුක් ටේගේ පස්සෙන් වේගයෙන් දුවගෙන යනවා... ටේ වේගයෙන් ඇවිදගෙන යනවා... ඔය අතර කාමරයක් ඇරගෙන වේගයෙන් ආපු දෙයක් වේගයෙන් ආපු ටේගේ ඇගේ වේගයෙන් වැදෙනවා... ටේත් ආපු කෙනත් වේගයෙන් බිමට වැටෙනවා... හැමදේම හරි වේගයෙන් සිදුවුණා....

ආව්.... බිමට වැටුණු දෙන්නම මහ හයියෙන් කෑ ගැහුවා....

ජිමිනී.... උයා මුකද කරන්නේ... මේ මහ රෑ ඇහැරගෙන.... ටේ කිව්වේ වැටුනු තැනින් නැගිටලා.... ජිමින්ට නැගිටින්න අත දෙන ගමන්....

මං ආවේ වතුර ටිකක් බොන්න... ටේ ඔයා මොකද මහ රෑ ඇවිදින්නේ... ජිමින් ඇහුවේ අත් දෙකත් පපුවට කරලා බැදගෙන ඇහිබමකුත් උස්සන්....

ම්...මං..... ටේ වචන ගළප ගළප කතා කරද්දී දැක්කා ජන්කුක් ඒ දෙන්නා ළගට වෙලා හිනා වෙවී ඉන්නවා...

ජිමිනී.... මං අද උයත් එක්ක නිදා ගන්න එන්නද??? ටේ ජන්කුක්ට රවාගෙනම කිව්වා....

මොකක්?? එක පාරටම යුන්ගි ජිමින් හිටපු කාමරයේ ඉදලා හීයක් වගේ වේගෙන් දොරත් ඇරගෙන ඇවිත් ඇහුවා....

ඇ....ඇයි...ඇයි.... ටේ... මොකක්ද ප්‍රශ්නේ.... ඔයා ජන්කුක් එක්කනේ හිටියේ... ජිමින් ඔළුවත් කස කසා කිව්වා...

හුම්ම්..... ඔයාලා මං එනවට කැමති නෑ නේ..... කමක් නෑ... ටේ එහෙම කියලා එතනින් යන්න ගියා....

ටේ.. අනේ එහෙම නෑ.... මං.... ජිමින් එහෙම කියලා යන්න හැදුවත් ජන්කුක් එයාව නැවැත්තුවා...

බය වෙන්න එපා ජිමින්.... ඔය තරහා වෙලා ඉන්නේ මාත් එක්ක පුංචි රණ්ඩුවක් ගියපු නිසා.... ජන්කුක් ටේ යන පැත්ත බලාගෙන කිව්වා.... මං බලාගන්නම්... ඔයාලට වැඩ ඇතිනේ... ජන්කුක් ඇහැකුත් ගහලා කියලා ටේ ඉන්න පැත්තට දිව්වා.....

.
.
.

ටේ එලියේ බෙන්ච් එකක වාඩි වෙලා ඈත අහස දිහා බලාගෙන හිටියා... ජන්කුක් ඈතට වෙලා යේ දිහා බලාගෙන ඉදලා හෙමින් සැරේ ඇවිත් ටේගේ එහා පැත්තෙන් වාඩි වුනා.... ටේ අහසට සම්පූර්ණ අවධානය දීලා තිබ්බ නිසා ජන්කුක් ඇවිත් තමන් ලගින් වාඩි වුනා නිසා ඒක පාරටම පොඩ්ඩක් විතර ගැස්සුණා.... ඒත් තාම ටේට ඕනේ වුනේ නෑ.. ජන්කුක්ට සමාව දෙන්න.... "එයා මට ගෑස් උස්සුවානේ... මං ඔයාට හපන් හියුං.... " ටේ තමන්ටම මුමුණ ගත්තා...

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now