BABY BOY

2K 349 40
                                    


Third person POV......

සතියක් විතර ගෙවිලා ගියා.. දැන් මුලු යුනි එකම යුන්මින් ටේකුක් ආදර කතාව ගැන දන්නවා.. සමහරක් අය සතුටු වුනා. සමහරක් අය දුක් වුනා. සමහරක් අයට තරහක් ඇතිවුණා. මොකද යුනි එකේ ඉන්න කඩවසම්ම කොල්ලෝ දෙන්නව යුනි එකේ ඉන්න හුරතල්ම කොල්ලො දෙන්නාට ආදරේ කරනවා කියලා දැනගත්ත නිසා...

මේ වෙනකොට ජන්කුක් සහ යුන්ගි දෙන්නම ටේහියොන්ගෙයි ජිමිනගෙයි ඇත්ත දැනගෙන හිටියේ. ඒ කියන්නේ එයාලා ඇත්තටම සහෝදරයෝ නෙවෙයි කියලත් ඒයාලා පොඩි කාලේ ඉඳන්ම දෙමව්පිය සෙනෙහස නැතුව හැදුනු වැඩුනා කියලත්.. ඒ නිසාම ඒ දෙන්නා ටේටයි ජිමින්ටයි තමන්ගේ ආදරේ උපරිමයෙන්ම දුන්නා...

At summer house 🏘️...

ටේ මේ වෙලාවේ හිටියේ ලොකුම ලොකු බාර දූර කටයුත්තක... ඒ තමයි ජන්කුක්ගේ අතේ ජින් හදලා එවපු කප් කේක් ටිකට වැඩේ දෙන එක. කට දෙපැත්තෙත් කේක් ගාගෙන කටේ කේක් පුරවාගෙන ඇස් කරකව කරකව කේක් කන තමන්ගේ හුරතල් රෝස මල් දිහා ජන්කුක් බලාගෙන හිටියේ හරිම ආදරයෙන්... ටේටනම් ජන්කුක් ඉන්නවද කියලාවත් ගානක් නෑ. එ් තරමටම එයාගේ අවධානය තිබ්බේ කප් කේක් වලටයි......

ජන්කුක් ටිකක් වෙලා නිහඩව බලාගෙන හිටියේ දැන් ටේ එයා දිහා බලයි දැන් එයා දිහා බලයි කියලා ඒත් නෑ ටේ නම් කප් කේක් වලින් එයාගේ ඇස් අහකට ගත්තෙම නෑ.. බලන් ඉදලා ඉදලා බැරිම තැන ජන්කුක් ටේ ලගට පොඩ්ඩක් ලං වෙලා ටේව එයාගේ උකුලට ගත්තා. ටේනම් ඒත් කේක් එකට අවධානය දීලායි තිබ්බේ.....

බබා හීමිට කන්න මැණික... ඔයාගෙන් ඕක කවුරුත් උදුරන් යන්නේ නෑ....... ජන්කුක් ටේගේ කන ලගට කරලා මිමිණුවා.. ටේ ජන්කුක් දිහා බලලා ජන්කූක්ගේ කර වටේ අත් දාලා ජන්කුක්ගේ උරහිස උඩින් නිකට තියාගෙන ආයෙත් කන්න පටන් ගත්තා... ජන්කුක් හීමිට ටේගේ පිට පිරි මැද්දා.. ටේ ඔක්කොම කේක් ටික කාලා ආයේ ජන්කුක් දිහාවට හැරුනා. ජන්කුක් ඇස් වලින් මොකද කියලා ඇහුවා...

වශ්සඹතුශ්ෂසඹරශ්ඹසෂ.... ටේ කටේ කේක් පුරවාගෙන කියපු විදිහට ජන්කුක්ට බකස් ගාලා හිනා ගියා... ඒත් ටේ කියපු දේ ජන්කුක්ට නොතේරුනත් එයාට මේ වෙලේ ඕනේ මොනාද කියලා දන්න නිසා ලග තිබුණු වතුර බෝතලෙ මූඩිය ඇරලා ටේට හිමිට වතුර පෙව්වා...

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Tahanan ng mga kuwento. Tumuklas ngayon