TRIP

1.9K 336 71
                                    

Third person POV....

කොහොම කොහොම හරි ලමයි ඔක්කොම බස් වලට නැග ගත්තා... ජිමින් යුන්ගි එක ළග තියෙන ශීට් දෙකක වාඩි වුනා.... ඊට පිටි පස්සේ ශීට් එකේ ජන්කූක් ඇවිත් වාඩි වුනා.... ටේත් ඊට පස්සේ බස් එකට නැග්ගා.. ටේ ජන්කුක් ගාවට යන්න ඕන වුනත්.. ජන්කුක් ඉන්න විදිහට එයාට එතනට යන්න ඕනේ වුනේ නෑ.... මූණවත් නොබලන මනුස්සයෙක් එක්ක යනවට වඩා තනියෙන් යන එක හොදයි කියලා එයාට හිතුනා... ඉතින් ටේ ගිහින් පිටිපස්සේම ශීට් එකෙන් වාඩි වුනා.... එයාලා නැග්ගේ අන්තිම බස් එකට නිසා වැඩිය ලමයි හිටියේ නෑ..... මොනා වුනත් ටේ ජන්කුක් ලගට ආපු එකක් ආයේ ගිහින් වෙන තැනක වාඩි වුන ඒකත් ජන්කුක් බලං හිටියේ....

ටේ ගිහින් වාඩි වුණාම... ජන්කුක් ගිහින් ටේ ලගින් වාඩි වුනා... යුන්මින් දෙන්නත් එයාලට ඉස්සරහ ශීට් එකට ආවා... ටේනම් ජන්කුක් දිහා කටත් ඇරගෙන බලාගෙන හිටියා.... ඇයි ඉතින් මෙච්චර වෙලා උන්නද මලාද බැලුවේ නැති මනුස්සයා දැන් ඇවිත් තමන් ළග වාඩි වෙලා ඉන්නවා දැක්කම....

ජන්කුක් ටිකක් වෙලා ඉදලා එකපාරටම ටේගේ ඉනවටේ අතදාලා එයාගේ ලගට ලං කරගත්තා.... දැන්නම් ටේගේ කටත් ඇරිලා....

Tae pov....

හියුන්ට මොනා වෙලාද මංදා... දැන් ටිකකට කලින් මං ඉන්නවද කියලා ගානක්වත් නැතුව ඉදලා... එකපාරටම මං ලගට ඇවිල්ලා..... තව තුරුල් කරගන්නවත් එක්ක..... අම්මෝ... මගේ හුස්මත් හිරවෙනවා වගේ.... එයාගේ අත් මගේ ඉන වටේ යනකොට මගේ ඇගම හිරි වැටිලා ගියා....

ටිකක් වෙලා එහෙම හිටිය එයා.... ආයේ ජනේලේ පැත්තට ඇස් යොමුකළේ මාව තව තවත් තදින් තුරුලු කරගෙන.... ඒත් ටිකකින් එයා මගේ උරහිසෙන් ඔලුව තියා ගත්තේ හරියට පොඩි එකෙක් වගේ.... මගේ කම්මුල් නිකං පිච්චිලා යනවා වගේ මට දැනුනා.... ඔව් අනිවාර්යෙන්ම මං රතු වෙලා ඇති....

ඔලුව අතගාන්නකෝ මැණික.... හියුන් කියන්නේ හරියට එයාට මගේ උණුහුම ඕනේ කියලා වගේ... මාත් ටිකක් වෙලා ඉදලා එයාගේ කෙස් අතරින් මගේ ඇගිලි යවලා හිමීට පිරිමැද්දා.... මට තාම හිතාගන්න බෑ... හියුන් මාත් එක්ක දැන් තරහ නැද්ද... ඒ කියන්නේ එයාට මං සමාව දුන්නා වගේ එයත් මට සමාව දුන්නද.... අනේ හියුන් ඔයා හැමදාම මාත් එක්ක මෙහෙම ඉන්න....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now