30 YEARS AGO..

1.6K 313 49
                                    


( මං මේක jungkook pov එකක් විදිහට ලියන්නම් කමක් නෑ නේ.... එයා කතාව කියන විදිහට....)

30 years ago....

Jk pov....

අද අපේ යාලුවෝ හැමෝම වගේ... එකට එකතු වෙලා හිටියා... කට්ටියටත් එක්කම එකතු වෙලා අපි ට්‍රිප් එකක් ආවේ... තව සතියකින් මගේ හියුන් අපිව දාලා රට යන නිසා... ඔව් එයා තමයි මට ඉන්න එකම පවුල... මං වැඩිය ඉගෙන ගන්න දක්ශ නැති වුනත්.. හියුන් හොදට ඉගෙන ගත්තා... ඒක නිසාම එයා වැඩි දුර ඉගෙන ගන්න කියලා.. ඇමෙරිකා යනවා... ඒ යන සතුටටත් තව අවුරුදු තුනක් හියුන් නැතුව තනියම ඉන්න වෙන නිසත් අපි හැමෝම එකතු වෙලා එයාට අපිව හැමදාම මතක් වෙන විදිහේ ට්‍රීට් එකක් දෙන්න ඕනේ නිසා තමයි අපි මේ වගේ කදුකර පැත්තකට ආවේ.... එයා ගොඩක් ආසයි කදු නගින්න... ඒ වගේම හිම වැටෙනවා බලන්න... අපි හිටපු පැත්තට තාම නත්තලේ පලමු හිම පතනය වැටී තිබුනේ නෑ.... ඒ නිසාම අපි එහේ තෝර ගත්තේ නත්තල් පලවෙනි හිම වැටීම බලන්න පුලුවන් වෙන්න කියලා හිතමින්...ඔව් ඔය කතාවක් තියෙනවානේ... නත්තලේ පලමු හිම පතනයේදි තමන්ගේ පලමු ආදරය හොයා ගන්න පුලුවන් වෙනවා කියලා.... බලමුකෝ... මගේ පලවෙනි ආදරය මට හම්බවෙයිද කියලා....

හම්මෝ.... සීතල... මොන රෙද්දකට මේ වගේ පැත්තක් තෝරගත්තාද මංදා... බලපං මගේ නහයේ අයිස් මිදිලද කියලා.... ඒ හෝප්.... ඔව් අපේ සෙට් එකේ විහිලු කාරයා... කොහෙ ගියත් කට නට පිස්සුනවා... මොනා වුනත් පොර උස තැන් වලට බයයි... ඒක තමයි ඔය කුටූ කුටු ගාන්නේ...

යා..කට වහගනින් ගොබ්බ හෝපයෝ... මට නිදා ගන්න නෑ තොගේ ඔය කන්කෙදිරිල්ලට.... ඒ සුගා... අපේ සෙට් එකේ ඉන්න නිදි කුම්බරයා... හම්මෝ එයාගේ නින්ද කඩන්න නිර්භීත වන්නේ හෝප් විතරයි... අනිත් අයනම් මේ යකාට තරහ යනවට මලම බයයි....

අනේ ඔය බිලාලයාගෙයි, අස්පයාගෙයි වලිය ආයෙත් පටන් ගත්තාද ආහ්.... නවත්තන්න කෝ.... ඒ ජුන්... අපේ සෙට් එකේ ඉන්න වැඩිමහල්ම කෙනා... අපේ හියුන්ගේ.. හොදම යාලුවා... එයා නිසා තමයි අපි මේ විදිහට හරි තැන්පත් කමට ඉන්නේ... නැත්තම් අපිට පිස්සු කියලා අං ගොඩ ගෙනියන්න තියෙන් සම්භාවිතාව බොහෝ ඉහළයි....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now