I LOVE YOU|TAEKOOK|

2K 351 39
                                    


ටේයොනගේ ඇඩිල්ල නැවතෙන්නෙම නෑ. ඒත් ජන්කුක්ට ලොකු කේන්තියක් එක්කම එයාට පරන තරහත් හිතේ තිබ්බ නිසා ජන්කුක් එතනින් යන්න හැදුවා..

Tae : අ....අනේ.... හියුන්... යන්න එපා...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

ටේ එහෙම කියලා බිම දනගහගෙන හයියෙන් අඩන්න ගත්තා. ජන්කුක් යන්න ගිහින් ටේගේ කටහඩ නිසා ආයෙත් හැරිලා බැලුවා. බිම දණ ගහගෙන මූනත් වහගෙන අඩන එයාගේ ඒන්ජල්ව දැක්කම ජන්කුක්ගේ හුස්ම පවා හිර වුනා. ජන්කුක් දුවලා ගිහින් ටේහියූන් ඉන්න තෑනින් දණ ගහගත්තා.

Jk : ටේහියොන් මං දිහා බලන්න 😐😐
දැන් ඒක ඉවරයි.. හැමදේම හරි... දැන් ඔයා ඔයාගේ හියුන් ලගට යන්න 😐😐😐

Tae : ඇ...ඇ....ඇයි හියුන් ඔයා මාත් එක්ක තරහවෙලා ඉන්නේ.... මං....මං.
ඔයාට ආදරේ කරලත් මං ඒක කිව්වේ නෑ... ඒ... ඔයා මාත් එක්ක තරහා වෙයි කියලයි... 😭😭😭😭

Jk pov...

මොකක් ටේ මට ආදරේ කරනවා... මං මේ දකින්නේ හීනයක්ද.
ඒ කියන්නේ එයා මට කලින් ඉදලම ආදරේ කරලත් මං ඒක දන්නේ නැතුව මෝඩයෙක්.වගේ හැසිරූනාද....

End Of JK POV..
Third person POV...

ජන්කුක් ටේගේ මුන වහන් ඉන්න අත් දෙක අයින් කරලා . තමන්ගේ අත් දෙකින්ම ටේගේ කම්මුල් දෙක පරිස්සමට අල්ල ගත්තා. හිමීට තමන්ගේ මහපට ඇගිලි වලින් ටේගේ කම්මුල් දිගේ බේරිගෙන එන කදුලු පිහිදාලා ටේව තමන්ගේ උකුලට අරගත්තා..

Jk : ශ්ශ්ශ්.... හරි මැණික හරි.... හියුනූත් මගේ රත්තරංට පනටත් වඩා ආදරෙයි.. දැන් අඩන එක නවත්තන්න මැණික .... මේ බලන්න මං දිහා.. දැන් හරිනේ මං ඉන්නවනේ...

Tae : හියුන්.... ලී....සා.... නූනායි බොගම් හියුනුයි..... හියුන්ව රවට්ටනවා..... 😭😭😭

Jk : මැණික ඔයා මොනවද කියන්නේ...
මට මුකුත් තේරෙන්නේ නෑ...

Tae : හියුන් ඒක දවසක්.......

Two days ago... Flashback.....

එදා ජමින්,යුන්ගි වගේම ජන්කුක්ටත් යුනි එන්න බැරිවුනේ නම්ජින්ලගේ වෙඩින් එකේ වැඩවලට හිරවෙලා හිටපු නිසා. ඒත් එදා ටේටනම් යුනි යන්න වුනා. එදා එක ලෙක්චර් එකක් තිබ්බ නිසා ටේත් යුනි එකට ගියා. ටේ මුලින්ම දැනන් හිටියේ නෑනේ ජින් මැරි කරන්න යන්නේ ජන්කුක්ගේ හියුන් කියලා. ඒ වගේම එයා දැනනං හිටියේ නෑ අද යුන්ගියි ජේකේයි යුනි ඇවිත් නෑ කියලා. ඒක නිසා එයා යුන්ගිව හම්බවෙන්න කියලා හිතාගෙන summer house එකට ගියා. ඒත් එතන හිටියේ යුන්ගි නෙවෙයි. එතන හිටියේ ලීසයි බොගමුයි. ටේට හිතාගන්න බැරිවුනා ඒ දෙන්නා හිටිය විදිහට දැන් මං මොකද කරන්නේ කියලා. ලීසා හිටියේ බොගම්ගේ ඇග උඩ බොගම් හිටියේ ශර්ට් එක්ක නැතුව. බය වුන පාර ටේ එතනින් යන්න හදද්දිම එතන තිබුණු පුටුවක් ටේගේ කකුලේ වැදිලා බිම වැටුණි. එකපාරටම ආපු සද්ද නිසා කලබල වෙලා නෑගිට්ට දෙන්නට දකින්න හම්බවුණේ කකුලත් බදාගෙන එයාලා දිහා බයවෙලා බලාගෙන ඉන්න ටේව.. බොගම් ටේව දැක්ක ගමන් කට කොනින් හිනා වෙලා ටේ ලගට ඇවිත් ටේගේ නිකටින් අල්ල ගත්තා.

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now