WEDDING

1.8K 359 28
                                    


Third person POV....

ඔහොම සතියක් ගෙවිලා ගියා. නම්ජුන්ගෙයි ජින් ගෙයි wedding ඒක දවසත් ආවා. ජින් හොබී කියන්නේ හොදම යාලුවෝ ජින්ට යාලුවෙක්ට කියලා හිටියේ හොබී විතරයි. ඒ වගේම ජිමින් ටේ කින්නෙත් ජින්ට තමන්ගෙම මල්ලිලා වගේ. ජින්ගේ ජීවිතේ ලස්සනම දවසේ එයත් එක්කම ඉන්න හොබීයි.ටේයි ජිමිනුයි තුන්දෙනා තීරණය කළා. මොනම හේතුවක් නිසාවත් එයාට තනි වෙන්න දෙන්නේ නෑ කියලා එයාලා හිතාගත්තා.

වෙඩින් එක තිබුනේ කොරියාවේ තියෙන ලොකුම හොටෙල් එකේ. ඒක කොච්චර ලස්සනට decorate කරලා තිබ්බද කිව්වොත් දකින කෙනෙක්ට කියන්න පුළුවන් ඒක දිව්‍ය ලෝකයකට සමානයි කියලා.

Wedding hall 👇👇😘

At the dressing room....

ජින් ලෑස්ති වෙන තැන තුන්වෙනි ලෝක යුද්දේ පටන් අරන් තිබ්බේ.. හේතුව ටේයි ජිමිනුයි. ජින්ට හරියට ඇදගන්නවත් දෙන්නේ නෑ. එක්කෙනෙක් හෝ ගාලා අඩනවා. තව කෙනෙක් හැටට හැටේ ජින්ටයි හොබීටයි රවනවා.. ජිනුත් ඔක්කොම පැත්තක තියලා ලමයි නලවනවා. හොබීටත් මේ නාඩගම හොදටම ඇති වෙලා එලියට යන්න ගියා. අන්තිමට ජින්ගේ අප්පා එනකම්ම විමින් නාඩගම නැවැත්තුවේ නෑ. කොහොම හරි බොහොම අමාරුවෙන් ජින් එයාගේ මංගල ඇදුම ඇදගෙන මේකප් එක දාගන්න ඕනේ නිසා ජිමින්වයි ටේවයි එලියට යැව්වා.. දෙන්නත් එක්කම මූනත් එල්ලං ඇවිත් හෝල් එක ඈතුලින් වාඩි වුනා. ටිකකින් නම්ජුන් සහ එයාගේ පවුලේ අය හෝල් එක ඇතුලට ආවා. ජිමින්ටයි ටේටයි ඒ දිහා බලන්න ඕනේ වුනේ වත් නෑ. එයාලා දෙන්නම තරහින් හිටියේ එයාලගේ ලොකු හියුන්ව වෙන කෙනෙක් ඇවිත් එකපාරටම උස්සන් යන නිසා. හැබැයි ඒ දෙන්නා දිහා කටත් ඇරන් බලාගෙන හිටිය තව දෙන්නෙක් හිටියා. දෙන්නෙක් කියන්න බෑ මුලු හෝල් එකම බලාගෙන හිටියේ මේ පොඩ්ඩෝ දෙන්නා දිහා හරියට නිකං සුරලෝකෙන් සුරගන දූතයන් දෙන්නෙක් හෝල් එකට ලෑන්ඩ් කරලා වගේ ඒ දෙන්නම හරිම ලස්සනයි.

ටිකකින් ජින් හෝල් එක ඇතුලට ආවා. නම්ජුන් නම් ජින් දිහා බලාගෙන හිටියේ ඇස් දෙකක් ලොකු කරගෙන. අද ජින්ව නම්ජුන් දැක්කේ හරියට දිව්‍යලෝකයෙන් ආව ඒන්ජල් කෙනෙක් වගේ. හැමෝම වගේ නිශ්ශබ්ද වෙනවත් එක්ක ජින් එයාගේ අප්පගේ අතින් අල්ලගෙන පෝරුව ලගට ගියා. යන ගමන් ටේවයි ජිමින්වයි දැකලා ඒ දෙන්නට ලස්සන හිනාවකින් සංග්‍රහ කලා. ජින්ව දැක්කම ඒ දෙන්නටත් තරහවල් ඔක්කොම අමතක වුනා. ටේනම් කදුලු පිරිච්ච ඇස් දෙකෙන් ජින් දිහා බලලා හිනා වුනා. ජින් එයාගේ අප්පා එක්ක නම්ජුන් ලගට ආවම ජින්ගේ අප්පා ජින්ගේ අත නම්ජුන්ට දුන්නේ අද ඉදන් මෙයාව භාර ඔයාටයි පුතා කියන ගමන්...

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now