CHAPTER 2 🌸

2.6K 332 78
                                    

" එහෙනම් අද ඉදන් ඔය මගේ "

" මොකක්.. "

" ඇයි.. ඔයාට යාලුවෙක් නෑ කිව්වේ..ඉතින් අද ඉදන් ඔයාගෙ යාලුවා මම "

" ආහ්...යාලුවා.. "

එයා මගේ කනට කරලා රහසින් කොදුරලා මගේ විස්තර ටිකත් ලියාගෙන මගේ කොන්ඩෙත් අවුස්සලා යන්න ගියා හංසජ ලගට...

මගේ හදවත මොකක්ද වෙනවා වගේ දැනුනා..එයා හරිම අමුතුයි.මට දැනුනේ එච්චරයි..

පලවෙනි දවස ඒ විදිහට ගෙවිලා ගියා..

" කොල්ලෝ..කොහොමද ඉතින් අද ඉස්කෝලේ..යාලුවො එහෙම ඉන්නවද ? "

අම්ම සුපුරුදු විදිහට ආපු ගමන් මගේ ඉස්කෝලේ විස්තර අහනවා. ඒත් ඒ ප්‍රශ්නෙට දෙන්න ඕනි උත්තරේ ගැන මට කල්පනා කරන්න වුනා. වෙනදා වගේ යාලුවෝ නෑ කියලා ඉන්න පුලුවන් කමක් නෑ දෙව්මිණ නිසා..

" අනේ මන්දා අම්මේ.. ඉන්නවා ඉතින් එහෙන් මෙහෙන් කතා කරන ලමයි.. "

" හොදයි හොදයි කලින් ඉස්කෝලේ හිටියා වගේ යාලුවෝ ඇති කරන් හොදට වැඩ කරගනින් පුතේ..උබ විතරයිනේ අපේ බලාපොරොත්තුව.. "

පොඩි කාලේ ඉදන්ම මේ වචන මට අහන්න ලැබෙනවා අම්මගෙන්.. මම තමා අපේ ගෙදර එකම කොල්ලා..මට තව නන්ගි කෙනෙක් ඉන්නවා..එයා මට වඩා අවුරුදු දෙකක් බාලයි..තාත්තගේ පැත්තේ සහෝදර සහෝදරියෝ අපේ ගෙදර අය එක්ක එච්චර ඇයි හොදයියක් නෑ.. ඒ ඇයි කියන්න එච්චර මම දන්නෙ නෑ හැබැයි කොල්ලෙක් නිසා මට අකමැතී කියන එක හරිම ප්‍රසිද්ධ රහසක්.

පුංචි කාලේ ට්‍රිප් යද්දී අනිත් නැන්දලාගේ දුවලාට ලස්සන ලස්සන සෙල්ලම් බඩු අරන් දෙද්දී මම හැමදාම අම්මාගෙ උකුලේ අම්මාට ගුලිවෙලා ඉන්න පුරුදු වුනා..මට පොඩි කාලේ සෙල්ලම් බඩුවක් අරන් දෙන්නවත් ගෙදර අයට සල්ලි තිබ්බේ නෑ..තාත්තා කුලී වැඩ කරලා ගේන කීයහරි හරිම අමාරුවෙන් වියදම් කරලායි මටයි නන්ගිටයි උගන්නන්නේ.. ඉතින් පවුලේ අමාරුකම් වගේ දේවල් අවුරුදු 12ක මට ලොකුවටම දැනුනා..

" ලමයි මම දැන් කට්ටියව කණ්ඩායම් වලට බෙදනවා...යාලුවෝ ලගට වැටෙයිද නැද්ද කියන්න දන්නෙ නෑ.ලගට වැටුනත් නැතත් හැමෝම සමගියෙන් වැඩ කරගෙන යන්න ඕනි හරිද "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now