CHAPTER 16 🌸

1.8K 246 90
                                    

" විදුර ඔයාට වැරදිලා.. දෙව්මිණ මගේ හොදම යාලුවා නෙවෙයි..එයා මගේ නිකන් යාලුවෙක්වත් නෙවෙයි..එයාගෙයි මගෙයි යාලුකම් නැති වෙලා ගොඩක් කල් .. "

" උද්‍යාන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.. "

" විදුර අහන්න.. අපි දෙන්නා මේක කතා කරලා වැඩක් නෑ..මම දන්නවා ඔයා මගේ හොදට කියන්නේ කියලා ඒත් ශවීන් ඔයා හිතනවා වගේ නරක කෙනෙක් නෙවෙයි.. අනික මම දෙව්මිණගේ තැන ශවීන්ට දුන්නා නෙවෙයි මට දෙව්මිණගේ වෙන්න ඕනි වුන තැන ශවීන් මට දුන්නා විතරයි "

" හරි ඔයාගේ කැමැත්තක් "

පහුගිය කාලේ පුරාම විදුර වගේම හංසජත් මගෙන් ටික ටික ඈත් වුනා වගේ මට දැනුනා.. එකකින් වේදනා විදපු මට දැන් වේදනා කියන දේවල් පුරුදුයි.. ඒත් එයාලා ශවීන් ගැන කිය කිය බනින එක මට දරාගන්න බැරි වුනා..

" සුවී මට දෙයක් කියන්න ඕනී... "

" ඔව් කියන්න ශවී.. "

" අහන්නකෝ අපේ තාත්තිට ඔයාව හම්බෙන්න ඕනිලු "

" ඒ ඇයි "

" තාත්තිට ඔයාව බලන්න ආසයිලු.. මට මීට කලින් යාලුවෝ ඉදලම නැති නිසා එයාට බලන්න ඕනිලු මගේ යාලුවව "

" හරි එහෙනම් හම්බෙමු..ඒත් කොහොමද "

" හෙට හවස යන් මාත් එක්ක ගෙදර..ඔයා අම්මට කියලා එන්න...ආපහු ගෙදරට ගෙනත් දාන්නම් "

" හරි එහෙම කරමු.. "
.
.
.
.
.
.
කතා වෙච්ච විදිහට ඉස්කෝලේ ඉවර වෙලා මම ශවී එක්ක එයාලගේ ඩ්‍රයිවර් එක්ක එයාලගේ ගෙදර ගියා.. මාලිගාවක් වගේ ලොකුම ලොකු ගෙයක් ඒක.. අපි යද්දිම ශවීගේ අම්මා දොර ලගට ආවා..

" අනේ මේ ඉන්නේ අපේ අපේ පුතාගේ යාලුවද..අනේ හුරතල් චූටියෙක්නේ "

" අම්මී එයාව ලැජ්ජ කරන්න එපා අනේ.. "

" හායි ආන්ටී.. "

මාත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ආන්ටිට හායි කියාගෙන ශවී එක්ක ගෙට ගියා..

" අම්මී කෝ තාත්ති "

" ආහ් ඉන්න මම තාත්තිව අඩ ගහගෙන එන්නම්..  "

" සුවී කොහොමද අපේ ගෙදර "

" අම්බෝ සුපිරියක්.. "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now