CHAPTER 33 🌸

1.7K 185 62
                                    

" මේ එන්න ෆොටෝ එකක් ගමු අපි.. "

" එපා... ආහ් නෑ මම කිව්වේ අපි මේ ට්‍රිප් එකේ ෆොටෝ ගන්න එක ටිකක් අඩු කරමු.. "

" සුදූ ඇයි ඒ.. "

" නෑ අහන්නකෝ..අපි ලස්සන දේවල් ඇස් දෙකෙන් බලලා විදිමු..ෆොටෝ ගන්න සිහියේ හිටියම ලස්සන විදින්න බෑ.. "

" ඒත් ඒවා මතක විදිහට තියාගන්න පුලුවන්නේ... "

' ඒත් සමහර මතක අපිව පාරනවා '

" හරි එහෙනම් අපි දෙන්නගේ ෆොටෝ නැතුව වට පිටේ ෆොටෝ ගහන්න..ඔයාට මාව මතක තියාගන්න ෆොටෝ ඕනි නෑනේ "

" ඔයා අමුතුයි සුදූ.. "

" අනේ ඇයි එහෙම කියන්නේ.. මම කියන්න ගියේ ඔයාට මාව අමතක නොවෙන්න ෆොටෝ වෙනුවට වෙන දෙයක් දෙන්නම් කියලා "

මම එයාව වෙන දෙයක් කියලා හිතන එකෙන් ඈත් කරා..ඔව් මට කියන්න විදිහක් නෑ අපි කතාවේ අවසානයේ සතුටක් නෑ කියලා..මට ඕනි නෑ එයාගේ සතුට නැති කරන්න..මට ඕනි මම ලග නැතත් එයා මන් ගැන නොහිතා එයාගේ ගමන යනවා දකින්න..අපි දෙන්නට වෙන් වෙන්න වුනත් එයා වෙන කෙනෙක් එක්ක හරි සතුටින් ඉන්න..මට එතකොට පුලුවන් එයාව සතුටින් අත්හරින්න..

අපි දෙන්න ඇල්ල ටවුන් එක පුරා ඇවිදින්න ගත්තා.. එක එක කෑම වර්ග කාලා ලස්සන මීදුම පිරිච්ච පාරවල් දිගේ අපි ඇවිද්දා..සමහර තැන් වල නැවතිලා මොකුත්ම නොකර ඔහේ ඈත බලන් හිටියා දෙන්නම නිදහසේ..ටික වෙලාවකින් දෙව් කතාව පටන් ගත්තා..

" සුදූ... මට කියන්න දෙයක් තියෙනවා.. "

" කියන්න මැනික.. "

" සුදු මාව නැශනල් ටෙනිස් ප්ලේයර් කෙනෙක් විදිහට නොමිනේට් වෙලා.."

" අනේ මැනික කොච්චර හොදද.. congratulations baby "

" මම දන්නේ නෑ සුදූ ඒක හොද දෙයක්ද කියලා "

" ඇයි මැනික එහෙම කියන්නේ.. "

" නෑ බබා අපේ අප්පච්චි කෝච් නිසා අනිත් කට්ටිය හිතන්නේ මම අප්පච්චිගෙ නමින් ආවා කියලා.. "

" ඉතින් ඔයා පෲව් කරන්න ඔයාගෙ ටැලන්ට් එක "

" අප්පච්චි කිව්වෙත් ඒක.. ඒත් සුදූ ඒකට මට ආපහු රට යන්න වෙනවා..මට ගිහින් ඔලිම්පික් වලට ට්‍රේන් වෙන්න වෙනවා.. මොකද ලන්කාවෙන් ඔලිම්පික් වලට කලින් තියෙන සිලෙක්ශන් එකේදි මගෙ ස්කිල්ස් අනිත් අයට වඩා වීක් වුනොත් අප්පච්චිගේ නමයි මගේ නමයි දෙකම කැත වෙනවා.. "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now