CHAPTER 4 🌸

2.1K 270 35
                                    

" අම්මා... මොකෝ කරන්නේ "

" මම උයනවා ලොකූ..ඇයි මොනාහරි ප්‍රශ්නයක්ද "

" නෑ..ඇයි ඒම ඇහුවේ "

" නෑ ඉතින් කොල්ලගේ වෙනසක් දැනුනා මට..කියන්නකෝ ඉතින් මොනාද විස්තර ඉස්කෝලේ "

" විශේෂ දෙයක් නෑ අම්මේ.. අද බාස්කට්බෝල් කෝච් අපිට හෙල්ත් පීරියඩ් එකේ එක එක ගේමස් කරා..මගේ යාලුවෝ තුන් දෙනාම බාස්කට්බෝල් ප්ලේ කරන නිසා පීරියඩ් එකෙත් කට්ටිය පැන පැන සෙල්ලම් කරා බලන් ඉන්න ආසයි.. "

" ඉතින් ලොකූ ඔයත් කරන්නකෝ.. "

" මො- මොකක්.."

" ඇයි මේ පුදුම වෙලා වගේ.. කොල්ලෙක් වුනාම ඔය කාලේ ක්‍රීඩාවක් කරලා යාලුවෝ එක්ක දුවල පැනලා ඉන්න ඕනි.. "

" ඒත් අම්මේ ඕවා කරන්න ගියාම වියදම් වැඩිනේ... "

" ලොකුපුතා මේ අහන්නකෝ අම්මයි තාත්තයි පවුලෙ වියදම් අපිට පුලුවන් විදිහට බලගන්නවනේ.. ඔයා තාම පොඩි ලමයෙක් ඔයා දැන්ම මේ බර කරට ගන්න හදන්න එපා..ඔයා කරන්න ආස දේවල් කරන්න යාලුවෝ එක්ක සතුටින් ඉන්න හොදට ඉගෙන ගන්න ඒ ඇති තාත්තටයි මටයි "

" අම්මේ එහෙනම් මම බාස්කට්බෝල් ගහන්න යන්නද යාලුවෝ එක්ක "

" ඕක අහන්නත් දෙයක්ද කොල්ලෝ යන්න.. කවදද තියෙන්නේ මොනාද ඕනි ඔයාට "

" හෙටත් තියෙනවා..ඕනිනම් ලබන සතියෙ ඉදන් යන්නත් පුලුවන්.. හැබැයි ඩෙක් ශූස් දෙකක් ගන්න වෙයි.. "

" හරි හෙට ඉදන් යන්න..තාත්තා ආවම හවසට සපත්තු දෙකක් ගන්න ලෑස්ති වෙන්නකෝ.."

" අනේ තැන්ක්‍යූ අම්මේ..."

මම අම්මව බදාගත්තා හයියෙන් දැනිච්ච සතුටට..හිතට මොන ප්‍රශ්නයක් ආවත් මට දුවලා ගිහින් සැනසෙන්න තිබ්බ එකම තැන..මගෙ පුංචි වෙනසත් තේරුම් ගත්ත එකම තැන ' අම්මා '

තාත්තා හවස ගෙදර ආවට පස්සේ අම්ම මොනාද මන්දා රහසින් තාත්තා එක්ක කුස්සියට වෙලා කියෙව්වා..ඊට පස්සේ අල්මාරියේ රෙදි ගොඩ අස්සේ හංගලා තිබ්බ සල්ලි වගයක් අරන් මට කිව්ව යන්න ලෑස්ති වෙන්න කියලා.

මාත් අම්මයි තාත්තයි නන්ගි එක්ක ඇවිදලා DSI එකෙන් ශූස් දෙකකුත් අරන් මට ඕනි වෙන ශෝට්ස් දෙකකුයි ටී ශර්ට්ස් දෙකකුයිත් අරගෙන ගෙදර ආවා..මම හිටියේ මාරම සතුටින්..මට පහුවදාට ගිහින් දෙව්මිණට බාස්කට්බෝල් ප්ලේ කරන්න එනවා කිව්වම එයාගෙ රියැක්ස්ශන් එක කොයි වගේ වෙයිද කියන එක ගැන හිත හිත ඉන්නකොට එහෙන්මම නින්ද ගියා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now