CHAPTER 23 🌸

2K 253 126
                                    

කට්ටියම එක්ක ෆොටෝ බලලා කන්න ලෑස්ති වුනා..කන තැන අපේ මේස දැක්කත් ඇති මට ඇඩෙන්න ගත්තා..

" අනේ සුවී දැන් ඇති ඔය ඇඩුවා "

" අනේ ශවී මටත් ඕනි නවත්තගන්න..ඒත් කොහොමද දෙයියනේ කදුලු නවත්තගන්නේ.. මගේ තුවාල පෑරෙනවා වගේ.. මට දැන් හරිම මහන්සි ශවී මේ ප්‍රශ්නෙන් තැලිලම.. "

" අනේ මගේ කොල්ලෝ..කෝ එන්න අපි යමු කමු ඕවා අමතක කරලා..බලන්න තව පැය කීයද උපන්දිනෙත් එනවා..අනික හෙට මැච්සුත් තියේ අඩල අඩලා හෙම්බත් වුනාම කෝමද ප්ලේ කරන්නේ "

ශවී මාවත් එක්කන් මටත් කෑම බෙදලා කන්න ගත්තා...ඇත්තටම මේ අවුරුදු තුනට ටීම් එකේ කට්ටිය නැත්නම් මම මෙලහකටත් පිස්සෙක් වෙලා...

" ඔයාගේ කකුල් රස්නෙයි ඔහොම තියාගන්නද "

මට මතක් වෙනවා එයාගේ සීතල කකුල් මගේ කකුල් උඩ තියාගන්නද කියලා අහපු හැටි..මගේ ඉස්සරහ කෑම කාපු හැටි..කොච්චර රන්ඩු කරත් එයාගෙන් කලාතුරකින් දකින ඒ සොෆ්ට් සයිඩ් එකට මාව දියවෙලා යනවා වගේ.. ඒත් මම එයාගේ ඒ සයිඩ් එක දැක්කේ හරිම අඩුවෙන්..

කට්ටියම කාලා ටේබල්ස් වල ඉන්නකොටම සර් ඇවිත් වෙනදා වගේම මැච් ප්ලෑන් එක කිව්වා..හැම පාරම වගේ මේ පාරත් ලොකු තරගයක් තියෙනවා අපිට..

කාලා බීලා කට්ටියම මෙට්‍රස් වලට ආවා..ෆෝන් එකෙන් එයාගේ ෆොටෝ එකක් බලන්නවත් උවමනාවක් තිබ්බේ නැති මම එහෙන්මම නිදාගත්තා..දෙව්මිණ වෙනදා නිදාගත්තු කොනට මම ගියා..ඊට පස්සේ ශවී ඊට පස්සේ විදුරයි හංසජයි අපේ අනිත් ස්ව්ට් එකයි පෝලිමට නිදාගත්තා..
.
.
.
.
.
.
.

" අනේ දෙව්..දෙව්..මට සමාවෙන්න..දෙව්..දෙව් නගිටින්නකෝ..දෙව්ව්.. "

" සුවී සුවී අනේ ඇහැරෙන්නකෝ සුවී.."

" ශවී... "

" සුවී ඇයි මේ..හීනෙන් බය වුනාද..ඒ හීනෙමද "

" හ්ම්ම්.. "

" කෝ එන්න..මාව බදාගෙන නිදාගන්න.. ආහ් හැපි බර්ත්ඩේ..උම්මා..හෑදේම ඉක්මනට විසදේවී.. "

" තැන්ක්‍යූ ශවී "

අදත් ඒ හිනේම මාව හොල්මන් කරන්න ගත්තා..ඒ අස්සේ ශවී උපන්දිනේටත් සුභ පතනවා..මට උපන්දිනේ නෙවෙයි මම හිතුවේ මම ආපහු 2015 ට ගිහින් ඒ දේට මුන දෙනවා කියලා..ශවී මාව තද කරලා තුරුල් කරන් මගේ ඔලුව අතගෑවා මට නින්ද යනකන්..
.
.
.
.
.
.
.
" උද්‍යාන උද්‍යාන "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now