CHAPTER 6 🌸

1.9K 271 49
                                    

" ලමයි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. උද්‍යාන අපි එක්ක නුවර යන එක ගැන අපිට ශුවර් කරන්න බැරි තත්වයක් තියෙනවා.. උද්‍යානට අන්තිම මොහොත වෙනකන්ම එන්න බැරි තත්වයක් තිබුනොත් අපි ඒ වෙනුවට ශවීන්ව ටීම් එකට ගන්නවා.. "

පහුවදා උදේ මෝනින් ප්‍රැක්ටිස් එකේදි කෝච් සර් ටීම් එකට මන් ගැන කිව්වා..කෝච් සර්ට ඊයේ හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා මන් මට මැච්ස් වලට එන්න බෑ කියන එක කිව්වා..
.
.

" සර් මට සර්ට කියන්න දෙයක් තියෙනවා "

" ඔව් කියන්න උද්‍යාන මොකක්ද ප්‍රශ්නෙ "

" සර් මන් හිතන්නේ මට නුවර යන්න එන්න බෑ.. "

" ඇයි එකපාරට..ඔයා ගොඩක් මහන්සි වුනානේ සිලෙක්ශන් වලටත් "

" නෑ සර් ම-ට මට..සනීප මදි  " 
මට ඇඩුනා..අමාරුවෙන් වචන පිට කරපු මට ආපහු ඇඩුනා..

" දරුවෝ අඩන්නේ නැතුව මට කියන්න මොකක්ද ප්‍රශ්නේ "

" ස..ර් ස..ර් මට එන්න බෑ සර්.. "

" හරි කොල්ලො මට කියන්නකෝ එන්න බැරි ඇයි කියලා "

" .... "

" ගෙදරින් අකමැතිද "

" නෑ ස..ර් "

" එහෙනම් සල්ලි ප්‍රශ්නයක්ද "

කෝච් සර් මගෙන් සල්ලි ප්‍රශ්නයක්ද අහපු ගමන් මට ඉකි ගගහා ඇඩුනා.. සර් ඇවිත් මාව බදාගත්තා..

" පුතේ අහන්නකෝ අඩන්න එපා..අපිට පුලුවන්නේ කොල්ලො සල්ලි ටිකක් නම් හොයාගන්න.. "

" එපා සර් මන් නිසා අනිත් අයට කරදර වෙනවට මන් ආස නෑ... මම ඉස්කෝලේ ඇතුලේ ආසාවට ප්ලේ කරන්නම් තරග වලට යන්න මට ඕනි නෑ සර්.. "

" හරි හරි පණ්ඩිත කොල්ලෝ ඒක අපි බලමුකෝ..දැන් අඩන්නේ නැතුව මූන හෝදන් ගෙදර යන්නකෝ..උදේට මෝනින් ප්‍රැක්ටිස් එන්න ඕනි අනිවාරෙන්ම හරිද..දැන් යන්න "
.
.
.

කෝච් සර් කිව්ව දේ අහලා විදුර හංසජ වගේම දෙව්මිණත් හිටියේ මන් දිහා කන්න වගේ බලාගෙන..මම බිම බලාගත්තා මොකද මන් දන්නවා මම දිගටම එයාලා දිහා බලන් හිටියොත් මට ඇඩෙනවා...

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Opowieści tętniące Åŧyciem. Odkryj je teraz