CHAPTER 28 🌸

1.9K 238 89
                                    

සෙමීස් අපිට කොලඹ ටීම් එකත් එක්ක කිව්වම කට්ටියම මගේ පැත්ත බැලුවා.. දෙව්මිණ මගේ අත ටග්ගාලා අල්ල ගත්තා..කෝච් සර්නම් කිව්වේ දැනටමත් ටොප් 4 ඇවිත් නිසා එච්චර හිතන්නේ නැතුව ප්ලේ කරන්න කියලා..හැබැයි අපිට තිබ්බේ ඒ ටීම් එකත් එක්ක ඇරියස් එකක්..දෙව්මිණට වෙච්ච දේවල් මට වෙච්ච දේවල් මේ හැම එකක්ම නිසා අපි ඒ ටීම් එක ගොඩක් මගෑරියා..ඒට් දැන් තව දුරත් ඒක කරන්න බෑ..

මැච් එක තියෙන්නේ හවස නිසා කට්ටියම ආපහු පැවිලියන් එකට වෙලා දවල්ට කෑම කකා කියව කියව හිටියා..දෙව්මිණත් මගේ ලගට ආවා කෑම කන්න..

" සුදූ...කවන්නකෝ මට "

" මේ මොකද හුරතල් වෙන්න එන්නේ.."

" අනේ...කවුරුත් මට කවලම නෑ "

" හාකො හොදේ මන් පිලිගත්තලූ..කෝ එනවා වද කාරයා "

මම දෙව්මිණට කට කට කැව්වා.. පොඩි එකෙක් වගේ කට අරින හැටි දැක්කම අනේ ආදරේ හිතෙනවා..

" සුදූ දන්නවද එදා මැච් එකට කලින් මම ඔයාට කිව්ව වචනෙට මම කොච්චර පසුතැවුනද කියලා "

" මොන වචනෙටද "

" ඔයා අමතකයි වගේ රගපානවානේ...අර මිනිහා ඔයාගේ ඇග අල්ලපු වෙලෙ මට කේන්ති ගිහින් කිව්වේ තමුසෙ එහෙම කරනවට ආසයිද කියල..මම ඒ වචනෙට එවෙලෙම පසු තැවුනා..හැබැයි ඒකට සොරි කියන්න කලින් ඔයා අනිත් පැත්තට මගේ යාලුවා වුන එක ගැන පසුතැවෙනවා කිව්වම මාව නිකන් කරකවලා අතෑරියා වගේ වුනා.."

" සොරි දෙව්..ඔයා දන්නවා මම ඒක හිතලා නෙවෙයි කිව්වෙ කියලා "

" මම දන්නවා..මට කියන්න ඕනි වුනේ ඒක නෙවෙයි..එදා මම අර ටීම් එකේ දෙන්නෙක්ගෙ වැදිලා වටෙද්දි මගේ ඔලුව වැදුනනේ..මට ඒක මතකයි..ඒ වේදනාව කියන්න බැරි තරම්..ඒත් ඒ මොහොතෙත් මම ටග්ගාලා ඔයාව හෙව්වා..මගේ ඔලුවට ආවේ මම ඔයාව දකින අන්තිම දවස එදානම් ඔයාට ආදරෙයි නොකියා ඔයාගෙන් සමාව ගන්නවා කියලා..ඔයාව මන් දැක්කට මට ඒක කියාගන්න බැරි වුනා..මම පසුතැවෙනවා අදටත් එහෙම වචනයක් කියපු එක ගැන..ඔයා ගැන හොදටම දන්න කෙනා ඒ දවස් වල මම වෙලත් එහෙම දෙයක් කියන්නෙවත් කොහොමද කියලා "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now