CHAPTER 36 🌸

1.6K 181 90
                                    

දෙව් රට ගියපු දවසෙ ඉදන් මම මේ ලෝකේ තනි වුනා කියන හැගීම මට ඕනිවටත් වඩා දැනෙන්න ගත්තා.. අම්මා මාත් එක්ක කතා නොකර අත් හරිද්දි මාව දකින දකින තැන මට වචන කියද්දි මම සෑහෙන්න මානසිකව විදෙව්වා..

දෙව් රට ගියාම ඇන්ඩෲලා එක්ක ඉන්නවා කියලා දවසගානේ එයාගෙ විස්තර කිව්වා..මැසේජ් කර කර එයා එයාගේ විස්තර සේරම කිව්වත් මම මගේ දේවල් එයාගෙන් හැන්ගුවා.. කොහොම කියන්නද එයා එක්ක යාලුවෙලා ඉන්න නිසා මගෙම අම්මා මාව මානසික ලෙඩෙක් ගානට දාලා කියලා..

නන්ගි මායි එක කාමරේක මෙච්චරකල් හිටියත් අම්මා නන්ගිව එයාලාගේ කාමරේට ගත්තා..ඒ ඇයි කියන්න මම දන්නේ නෑ අවංකවම..නන්ගි දැන් ලොකුවෙලා නිසාද මාව පිස්සෙක් විදිහට දකින නිසාද කියන්න මට හිතාගන්න බැරි වුනා..

කාලයක් දිස්සේ මට තිබ්බ ඔලුවෙ කැක්කුම ආපහු මට දැනෙන්න ගත්තා.. කෑම පිරියක් නැතුව බඩගින්නේ හිටපු දවස් ගාන අතේ ඇගිලිවලින් ගනන් කරන්න බැරි තරම් වෙද්දි මගේ ඇගත් මගේ මනස වගේම දුර්වල වෙන්න ගත්තා..

ශවී ව්දුර එක්ක සතුටින් ඉන්න නිසා මට ආපහු සැරයක් මගේ ප්‍රශ්න වලින් ඒ දෙන්නට කරදරයක් වෙන්න ඕනි නැති නිසා මම මගේ ප්‍රශ්න කාටවත්ම කිව්වේ නෑ.. මට ගෙදරින් එලියට බහින්න තරම්වත් මූඩ් එකක් නැති වෙද්දි මම හිටියේ බාගෙට මැරිච්ච මනුස්සයෙක් ගානට..ඉවසන්න අමාරු තැනත් මම ඉවසුවේ ඊලග අවුරුද්දේ තියන ඔලිම්පික් එකට මන් වෙනුවෙන්ම මහන්සි වෙන එයා ගැන හිතලා..

දින සති මාස ගෙවිලා යද්දි මම හිටියේ ඇත්තටම හොද සිහියෙන් නෙවෙයි..නිදාගන්න පැය ගාන පැය 12කට වැඩි වෙද්දි නැගිටලා හිටියත් මම එකම එක වැඩක් නොකර ඔහේ බලන් ඉදලා.. මේ වෙද්දි තාත්තටත් මන් ගැන කියලා තිබ්බ අම්මා මට සැලකුවේ ගෙදර කෙනෙක් විදිහට නෙවෙයි.. දෙව් එයාගෙ ට්‍රේනින්ග් එකත් එක්ක ගොඩක් බිසී වෙද්දි එයාගේ මැස්සෙජ් එකකට මට රිප්ලයි කරන්න ලැබුනේ පැය ගනන් පහු වෙලා..එයා ඇයි අහන හැමවෙලේම මොකක් හරි බොරුවක් මට කියන්න වුනේ ඇත්ත හේතුව ගැන හරි වැටහීමක් මට තිබ්බෙත් නැති නිසා..

කොරේ පිටට මරේ වගේ ඔය අස්සේ ලොකු අම්මා ඇවිත් අපේ අම්මට මගේ ඉන්ස්ට එකවුන්ට් එකේ ෆොටෝ පෙන්නන්න ගත්තා..එයාගේ පුතා දැකලා පෙන්නුවා එයාත් දැක්කා වහකන්න තරම් ලැජ්ජයි කියලා..එ වෙලේ තාත්තත් ගෙදර හිටපු නිසා මාව ඉස්සරහට අඩ ගහලා අම්ම මගේ කන පුපුරන්න තරම් පාරක් ගැහුවා..මගේ ඇස් වලින් කදුලු බේරෙද්දි මම නෙවෙයි හ්ම්ම් සද්දයක්වත් දැම්මේ.. අම්මා දෙව්ටත් බනින්න ගද්දි මගේ ඉවසීමේ සීමාව නැත්තටම නැති වෙලා මම අම්මට බැනගෙන ගියා..මොනවද කිව්වේ කියලවත් මට මතක නැති කොට තාත්තා ඇදලා අරන් මගෙ කම්මුලට පාරවල් දෙක තුනක්ම ගහලා බිමට ඇතෑරියා.. ඒ ජීවිතේ පලවෙනි පාර මම තාත්තගෙන් පාරක් කාපු..කරගැට දාලා ගොරහැඩි වෙලා තිබ්බ ඒ අත්වලින් කාපු පාරවල් දෙකට මගේ තොලත් පුපුරලා නහයෙනුත් ලේ එන්න ගත්තා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now