CHAPTER 5 🌸

2K 265 53
                                    

" වෝහ්හ්හ් එයාගේ ලස්සන "

" ඒ කිට් එක එයාට මාර ගතී "

" සර් මේ කිට් එක අපි තෝරගන්නවා "

" අඩෝ උද්‍යාන ගති ඕයි කිට් එක උබට "

මම ලැජ්ජාවෙන් ඇබරි ඇබරි කෝච් එක්ක ඉන්න අපේ සෙට් එක ගාවට යද්දි කට්ටියම මට ලස්සනයි කිව්වා.. ඒ කිට් එක මට ගැලපෙනවා කිව්වා.. හැමෝම මන් දිහා ඒ විදිහට බලන් ඉද්දි මට අවංකවම ලැජ්ජ හිතුනා..

හැමෝගෙම ඇස් අස්සේ මම දැක්කා තද දුඹුරු ඒ ඇස් දෙක..මන් දිහා එක ඇහි පිල්ලමක්වත් නොගහා බලන් හිටපු.. එක වචනයක්වත් කතා නොකරපු එයා ඇස් වලින් හැගීම් ගොඩක් කිව්වා..

" කිට් එකනම් හොදයි නේද ලමයි..හැමෝම කැමතිනම් මේක තෝරගමු..කෝ යටට කලිසමක් එහෙම ඇදලද ඉන්නේ "

කෝච් සර් එකපාරට ශෝට් එක ඉස්සුවා..මගේ කකුලේ කලවා එලියට ඇවිත් මගෙ ජංගි කොටේ පේන්නම.. මම ටග්ගලා අතින් ඇද්දා එපා සර් ගාගෙන.. ඇත්තමයි මට දැනුන ලැජ්ජාවට වහ කන්න හිතුනා..

මට ටග්ගලා බැලුනේ දෙව්මිණ දිහා..එයාගේ මූනම රතු වෙලා..හැබැයි ඇස් දෙක හීනි කරන් පුදුම තරහක් ඒ ඇස් වල තිබුනේ..අනිත් ලමයි බක බක ගගා හිනා වුනත් එයා නෙවෙයි හිනා වුනේ..

" කොල්ලෝ ජංගිය විතරක් ඇදලා බෑ හොදේ..ස්පෝට්ස් ශෝට් එකක් අදින්න ශෝට් එකට යටින්.. අනේ අපේ අලුත් කොල්ලට ලැජ්ජත් හිතිලා.."

කෝච් සර් මාව අල්ලන් බයිට් කරන්න ගත්තම මම ආපහු ආවා චේන්ජ් කරන්න.. මම චේන්ජ් කරලා ආපහු පැවිලියන් එකට ගියා...

එදා ඒ සිද්දියෙන් පස්සේ දෙව්මිණ මට දකින දකින තැන රවන්න ගත්තා..මම දන්නෙ නෑ ඒ ඇයි කියලා...මම හිතන්නේ එයා මට වැඩිය කැමති නෑ.. එයා දවසක් මාත් එක්ක හිනා වුනොත් ඊලග දවස මාත් එක්ක කතා කරන්නෙ නෑ..සමහර දවස් වලට එයා මුලු දවාම මාව මගාරින වෙලාවල් තියෙනවා..

මම එන්න එන්න වෙනස් වෙනවා කියන එක මට දැනෙන්න ගත්තා..මම යාලුවෝ නැතුව ඉන්න පුරුදු වුනත් දැන් දැන් මට පොඩි දේටත් හිත රිදෙන්න ගත්තා.. මම ජීවිතේ විදිනවා කියන දේ පටන් ගත්තා විතරයි ආපහු ආපහු මට දුක කියන දේ හැම චූටි දෙයකින්ම දැනෙන්නෙ ගත්තා.. විශේෂයෙන් දෙව්මිණගෙන්..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now