CHAPTER 27 🌸

2K 233 172
                                    

මගෙයි ශදීගෙයි විදුරගෙයි ප්ලෑන් බී එක එහෙන් පිටින්ම චක් බ්ලාස්ට් වෙලා ගියේ දෙව්මිණගේ ප්ලෑන් එක නිසා..

අපි තුන් දෙනා ඇරෙන්න ටීම් එකේ හැමෝම දෙව්මිණ නුවර එන එක ගැන දැනගෙන ඉදලා..ඒ නිසයි එයාලා හැමෝම මට නුවර එන්නම කියලා බලකරලා තියෙන්නේ..ඒ එක්කම දෙව්මිණ මට කැමත්තෙන් ඉදලා කියන එකත් අපි තුන් දෙනා ඇරෙන්න අනිත් අය දැනන් ඉදලා.. ටෲත් ඕ ඩෙයා එකට මේ පාර අතිශය තද නීති දාලා තියෙන්නෙත් එයාලගේ ඒ ප්ලෑන් එකේ කොටසක් විදිහට..

කොහොමෙන් හරි දෙව්මිණයි මායි කපල් වුනා..හෙ හේ සැජ්ජයිත් වගේ දැන්නම්..

ශවීයි මායි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නෙවෙයි කියන එකත් දෙව්මිණ දැනගත්තා..කට්ටියගෙම මල විකාර ඉවර වෙලා අපි නිදාගන්න යද්දි දෙව්මිණ එයාගේ බිත්තිය අයිනේ මෙට්‍රස් එක හොයාගෙන ආවා..

" සුවී~ මට කොන ඕනි.."

" බෑ ඒක මගේ තැනනේ.."

" අනේ මැනික ඒක කලින් මගේ තැනනේ දෙන්නකෝ..ම්ම්ම්...අනේ...ප්ලීස් "

අනේ මට මේකගේ මූන අල්ලලා මිරිකලා කටේ ඔබාගෙන හපන්න හිතෙනෝ..හුරතල් දෙයියනේ මට පිස්සු වගේ..

" හා හා එන්නකෝ.. මම යන්නම් එහෙනම් එහා කොනට "

" අනේ අප්පා... එතකොට කෝමද මගෙ බොයිෆ්‍රෙන්ඩ් ව කඩ්ල් කරන්නේ "

" කෑගහන්න එපා දෙව්මිණ අනිත් අයට ඇහෙයි "

" ඉතින් හැමෝම දන්නවනේ.."

" අහන්න මේ ඉන්ග්ලන්ඩ් නෙවෙයි..අපි දෙන්නා එෆෙයාර් එකක් පටන් ගත්තා වෙන්න පුලුවන් හැබැයි අපි දෙන්නාම තාම ඉගෙන ගන්න අය..ඒ නිසා ඒක චුට්ටක් තේරුම් ගන්න..හරිද මැනික "

" හ්ම්ම්..සොරි සුදූ..මම මීට වඩා කෙයාෆුල් වෙන්නම් "

" හොද මැනික..එන්න නිදාගන්න..මම බොරුවට කිව්වේ එහා කොනට යනවා කියලා..කට්ටිය ඔයාගේ හැටි දන්න නිසාම එකින් එක එහාට ගිහින්.. "

කොහොමහරි කරලා බිත්තිය අයින අරගෙන මාවත් එයාගේ අත උඩට අරන් තුරුල් කරන් නිදාගත්තා...එයා මගේ කොන්ඩේ අස්සෙන් ඇගිලි තුඩු යවනවා..හරිම සනීපයි..සනීපෙට මට නින්ද යාගෙන එද්දි මට දැනුනා එයා නලලට දැනෙන්න නොදැනෙන්න චූටි කිස් එකක් දෙනවා..
.
.
.
.
.
.
.
.
.
.
.

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now