" ලමයි.. අපි රෑටම කොලඹ යනවා.. බඩු ලෑස්ති කරගන්න "
" සර් දෙව්මිණට කොහොමද කියන්නකෝ "
" හරි ලමයි කලබල වෙන්න එපා..දෙව්මිණගේ තුවාල වලට බෙහෙත් කරන්න තමා අපිට කොලඹ යන්න වෙන්නේ..ඔයාලා හැමෝම වෑන් එකේ අන්කල් එක්ක යන්න..අන්කල් හැමෝගෙම ගෙවල් දැනුවත් කරලා තියෙන්නෙ. "
" සර් දෙව්මිණ අමාරුද කියලවත් කියන්නකෝ "
සර් හිතලම ප්‍රශ්නේ මගාරිනවා කියලා තේරුන නිසා මම කෑගහලා අඩලා ඇහුවා.මට මාව කන්ට්‍රෝල් නැති තරමට දුකින් කේන්තියෙන් මාව වෙව්ලන්න ගත්තා.. හංසජයි විදුරයි මාව තද කරලා අල්ල ගත්තා..
" හරි මෙහෙමයි.. දෙව්මිණට ටිකක් අමාරුයි..එයාගේ ඔලුව පැලිලා බ්ලීඩ් වෙලා වැඩි ටිකක්..නී එකත් ඩැමේජ් වෙලා හොදටම..ඉතින් ඒ නිසා එයාට සර්ජරි එකක් කරන්න වෙනවා.. ඒත් එයාගේ තාත්තා ඒක මෙහෙ කරන්න කැමති නෑ..ඒ නිසා එයාව අපිට කලම්බෝ යවන්න සිද්ද වුනා..දැන් එයා එහෙට යන ගමන් ඉන්නේ.. "
මගෙ කකුල් දෙක පන නැතුව මම වැටුනා.. ඒ තරම් දෙයක් වෙද්දිවත් අපිට එයා ලග ඉන්න නෑ.. එයා කෙයාලස් විදිහට ප්ලේ කරේ මන් නිසා බව මම දැන දැනම මේ තත්වෙට හේතුව මම බව දැන දැනම මම මෙහෙම ඉන්නේ කොහොමද
එතනින් පස්සේ කාලේ කොයි විදිහට ගෙවුනද කියන්න මම දන්නේ නෑ ඇත්තටම..අපි බඩු ලෑස්ති කරන් නුවරින් කොලඹ එන්න ආවා..වෑන් එකේ යනකන් මම එකවචනයක්වත් කතා කරේ නෑ කියලා විතරයි මම දන්නේ..විනෝද වෙවී සින්දු කියන් ආපු අපි මැචස් ඉවර වෙලා විනෝද වෙවී යන්න හිටපු අපි අද මලගෙයක් වෙලා වගේ සද්ධ බද්ද මොකුත් නැතුව ඔහේ ඉන්නන් වාලේ ඉදන් යනවා...හංසජයි විදුරයි මාව සෑහෙන්න බලාගත්තා.දෙව්මිණට ඉක්මනට හොද වෙයි දෙව්මිණ ඉකමනට ඉස්කොලේ එයි කිය කිය හිත හැදුවා..
ඒත් අවංකවම එයා ආවත් එයාගෙ මූනවත් බලන්නෙ කොහොමද මම ?
අපි ආපහු ඉස්කෝලෙට යද්දි හැමෝගෙම පේරන්ට්ස්ලා ඇවිත් හිටියා...අපේ තාත්තත් මාව ගන්න ඇවිත් හිටියා..ගොඩක් රෑ වෙලා අපිට යන්න බස් නැති නිසා විදුරගේ තාත්තා අපිව ගෙදරට ගෙනත් දාන්නම් කිව්වා..විදුර මගෙ අතින්ම අල්ලන් දිගටම මගේ ලගින්ම හිටියා..
DU LIEST GERADE
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )
Romantikමන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත...