CHAPTER 29 🌸

1.9K 226 156
                                    

" ලමයි ඔයාලා ඔය බෝල අල්ලන් නැටුවා ඇති හොදේ දැන් විභාගෙට තව අවුරුද්දයි..දෙව්මිණ ඔයත් දැන් ආපු එකේ පාඩම් වැඩ ටික යාලුවොන්ගෙන් අහගෙන කරගන්න.. "

" ඔව් දෙව් බෝල අල්ලන් නැටුවා ඇති හොදේ "

මම දෙව්මිණගේ කලවා උඩින් අත තියලා කනට කොදුරලා කිව්වම මේක ඇඹරෙන්න ගත්තා..

" සුවී ඔයා දැන් ගානට වැඩී හොදේ.. කොහෙන්ද අනේ ඔයා පුරුදු වුනේ..සිරාවටම ශවීන් එක්ක යාලුවෙලා හිටියද "

" අනේ මේ කතා හදන්නේ නැතුව ඉන්නවා.. "

නුවර මැචස් ඉවර කරලා චැම්පියන්ශිප් එක අරන් ආවාට පස්සේ ඉස්කෝලේ වැඩ ගොඩ ගැහිලා..දෙව්මිණ අවුරුදු තුනකට පස්සෙ ආපු නිසා එයාටත් ගොඩක් දේවල් මගෑරිලා තිබ්බා..ඊටත් වඩා කාලෙකින් අපි කට්ටියම එකට ඉන්න නිසා මම ජීවත් වෙනවා කියන හැගීම ගොඩ කාලෙකට පස්සේ මට දැනුනා..

ඉස්කෝලේ ඇතුලේ අපි දෙන්නා වගේම ටීම් එකම අපි දෙන්නගේයි ශවීගෙයි විදුරගෙයි සම්බන්ධෙ වහලා කරගෙන යන්න උදව් කරා..රහසකුත් නැති ප්‍රසිද්දත් නැති කපල් දෙකක් විදිහට අපි හිටියා..ඉදලා හිටලා එහෙන් මෙහෙන් අලලා අවුස්සලා විහිලුවක් කරත් දෙන්නම ඉන්න තැන ගැන දැනගෙන හැසිරෙන්න පුරුදු වුනා..

දෙව්මිණ රට ගිහින් නත්තල් පප්පා වගේ හැමෝටම බඩු බෙද බෙද යද්දි අපේ ගෙදරත් සෙනසුරාදා එන්න ඕනි කිව්වා.මගේ හිතට ඒක වද නොදුන්න කිව්වොත් බොරුවක්..එයාගේ අම්මා තාත්තා එයාගේ තත්වෙ දන්නවා වුනාට මම තත්වෙ වෙනස් නිසා මම බය වුනා..මොකද පුංචි කාලේ ඉදන්ම මගේ ඇග ගැන කියලා බනිද්දිත් මාව වහලා හන්ගන් ඉන්න උත්සහ කරා ඇරෙන්න ගෙදර අය මගේ පැත්තට කතා කරලා නැති නිසා මම දැනන් හිටියා දෙව්මිණගේ ගෙදර අය වගේ අපේ ගෙදර අය තේරුම් ගන්නේ නෑ කියලා..

" සුදු පුතා පොල් ටිකක් ගාලා දෙන්නකෝ.. "

" අනේ අම්මා නන්ගිට කියන්නකො..එයා දැන් මගට ඇවිල්ලා කෝල් කරාම දාඩිය දාගෙන යන්න බෑනේ අම්මා.. "

" ඔව් ඒකත් ඇත්තනේ..මේ නන්ගිට අනිත් කාමරේට යන්න කියන්න ඒ පුතාට නිදහසේ ඉන්නත් එපැයිනේ "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα