CHAPTER 9 🌸

1.9K 261 98
                                    

" මේ ඩබල තරහයි කියලා සුවර් ද බන් "

" අනේ මුන් දෙන්නගේ සමයන් ඔය ඉන්නේ ආදරෙන් වෙලිලා "

දුරින් දුරින් වගේ කුටු කුටු ගගා ඇහෙන කියවන සද්දෙට මන් අමාරුවෙන් ඇස් අරින්න ට්‍රයි කරා..ඒත් එක්කම මාව මොකටහරි තද වෙලා දැනුන නිසා මම අමාරුවෙන් ඇස් පිහිදලා වටේ බැලුවේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා බලලා..

" විදුර එහාට යන්නකෝ..මට නැගිටින්න ඕනි "

ඇස් ඇරලා වට පිට බලපු මට තේරුනේ මාව තදට බදාගෙන ඉන්නවා කියලා..මගේ එහා පැත්තේ හිටියේ විදුර නිසා මූන නොපෙනුනත් මම විදුරට හෙමීට තට්ටු කරලා එහාට කරන්න බැලුවා එයා බදාගෙන හිටපු විදිහට මට නැගින්නවත් බැරි නිසා..

" මම නගිටලා බන් ඉන්නේ ඇස් පේන්නේ නැද්ද "

විදුර මූන හෝදලා ඇවිල්ල මූන පිහිදාන ගමන් කිව්වම මම ගැස්සිලා ගියා..මම ටග්ගලා කලින් පාරට වඩා ටිකක් හයියෙන් තට්ටු කරේ කවුද මාව බදාගෙන ඉන්නේ කියලවත් දන්නේ නැති නිසා..

නෑ ටිකක් ඉන්න...

මම හිතන්නේ මන් දන්නවා..මගේ ඇග වටේ එතිලා තියෙන අත් වගේම මගේ බඩ උඩින් දාලා තියෙන කකුල් අයිස් වගේ සීතල නිසා මට හිතාගන්න පුලුවන් මේ කවුද කියලා..මම ඒ ක්ශනික එයාව ඇහරුවේ මේ වෙද්දිත් තොරන් බලන්න වගේ අපි දෙන්නගේ වටේම ටීම් එක හිනා වෙවී වට වෙලා ඉන්න ලැජ්ජාව නිසා...

" දෙව්~ නැගිටින්න..ඒයි....නැගිටිනවකෝ.."

" ම්ම්හ්හ්හ්...විනාඩි...පහයි.. "

" නැගිටින්න මට ඔයා නිසා නැගිටින්න බෑ "

" ම්ම්ම්...චුට්ටයි තව..ඕම ඉන්න..මට සීතලයි "

නිදි මතෙන් එයා මගෙ කන ලග කෙදිරිගානවා.. දෙව්මිණගේ මේ හුරතල් පැත්ත දැක්ක පලවෙනි වතාව මේක...මෙච්චර දවස් මට රවාගෙන බැනගෙන කෑගහගෙන හිටියා ඇරෙන්න මේ වගේ සොෆ්ට් කියුට් සයිඩ් එකක් දකින්න ලැබුනෙම නෑ...

" ඕයි දෙව්මිණ නැගිටපන්...උද්‍යානට නැගිටින්නත් නෑ උඹ නිසා... "

විදුරගේ කෑගැහිල්ලට දෙව්මිණ උඩ ගිහින් නැගිටුනේ මාව බදාගෙන ඉන්නවා කියපු නිසාද කොහෙද

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now