CHAPTER 12 🌸

1.8K 259 133
                                    

උදේ තිබ්බ සෙකන්ඩ් මැච් එක අපිට තිබ්බේ කුරුණෑගල ඉස්කෝලයක් එක්ක..ඊයේ මගෙ අතින් වුන වැරදි නොවෙන්න මම මගේ ප්‍රශ්න ටීම් එකට නොදී ප්ලේ කරා..ඊයේ ටීම් එකට වඩා අමාරු වුනත් අපි ඒ මැච් එකත් වින් කරා..  හවසට තව මැච් එකක් තියෙනවා..ඒක අපි වින් කරොත් අපි සෙමි ෆයිනල් සිලෙක්ට් වෙනවා..හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊලග මැච් එක අපිට තියෙන්නේ අපේ සහෝදර පාසලක් කියලා හිතන් ඉන්න ඇරියස් ඉස්කෝලයක් එක්ක..මට ඒක ගැන ලොකු දැනීමක් නැති වුනත් හංසජ විදුර දෙව්මිණ හැමෝම හිටියේ ලොකු ටෙන්ශන් එකකින්..මොකද මේ ටීම් දෙකෙන් කවුරු දින්නත් පැරෙදෙන එකාට ආපහු කොලඹ කනක් ඇහෙන්න ඉන්නවා බොරු...

" ආහ් සුදූ.. මොකද අනේ තනියෙන් ඔයා..මම එන්නද තනි රකින්න "

මම පාඩුවේ පැවිලියන් එකේ වාඩි වෙලා ඉන්නකොට ' ඇරියස් ඉස්කෝලේ ' අයියා කෙනෙක් කියන්න පුලුවන් කෙනෙක් ඇවිත් මට අනන් මනන් කියන්න ගත්තා..

" මොකක්ද ඕයි තමුසෙ කියන්නේ.. උබට ඕනි තනියක් රැක ගනින් ඕනි පකයෙක් එක්ක අපේ පොඩි එවුන්ට වචනයක් කිව්වොත් බලගන්නම් "

ඒ අපේ ලොකුම කැප්ටන් අයියා... ගැම්මක් අයියේ ගැම්මක් !!!

" මොකෝ අප්පා ඔයාට කේන්ති ගිහින්..මම මේ හුරතල් පොඩි එකාට ආදරේ හිතිලනේ කිව්වේ "

" අනේ පලයන් හු- යන්න "

අයියා කුනුහරපයක් කියලා බැනලා අර ගෝතයව එලෙව්වා..දැන්නේ මට මීටර් වුනේ මගේ ලගට ඇවිත් මාව කවර් කරන්න හිටියෙ දෙව්මිණ.. ඇයි දන්නේ නෑ මාව කවර් කරේ බඩ ගාන කාලේ ඉදන් යාලුවා ලගට යන්න එපැයිනේ...

" මල්ලී.. උන් මොනා හරි කිව්වොත් මට කියන්න හරිද.."

දෙව්මිණට හිත යටින් බැන බැන හිටපු මම හොද සිහියට ආවේ කැප්ටන් අයියා කතා කරාම..

" හරි අයියේ.."

" හරි අයියේ නෙවෙයි අයියේ ඌ උද්‍යානව ඇල්ලුවත් එක්ක.. "

" මොකක්!!! මොන හු- වුනේ... ඕහ් සොරි සොරි මල්ලිලා..අයි මීන් මොකක්ද වුනේ "

" නෑ අයියේ මායි උද්‍යානයි වොශ් රූම් ගිහින් එන්න හදද්දි අර ආපු එකා උද්‍යානගේ ඇගේ හැප්පිලා වැටෙන්න යනවා වගේ උද්‍යානගේ ඉන වටේ අත දාලා ගත්තා..මම උද්‍යානව ඇදලා අරන් ආපහු එන්න හදද්දි කැත වචනයක් කියලා උද්‍යානගේ පස්සට තට්ටුවක් දැම්මා "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now