CHAPTER 3 🌸

2.2K 280 45
                                    

" ඔය නිදාගෙන ඉන්න එකයි එහා පැත්තේ ඉන්න එකයි නැගිටිනවා.. "

පංතියේ ලමයි හැමෝම මන් දිහා බලන්න ගත්තා..මම දෙව්මිණටත් ඇනගෙනම නැගිට්ටා.

" එකෙක් පාඩම වෙලාවෙ නිදි..අනිත් එකා නිදි එකා දිහා බලන් දවල් හීන බලනවද ? දැන් මම අන්තිමට මොකක්ද කියලා දුන්නේ කියලා දන්නවද ? ඇවිත් මේ ගාන හදනවා"

දෙව්මිණ බිම බලාගෙන හිටියා..බෝඩ් එකේ තියන ගාන මම හදන්න දන්නවා ඒත් මම හදන්න ඉස්සරහට ගියොත් දෙව්මිණ විතරක් බැනුම් අහන්න ගන්න නිසා මාත් නොදන්න විදිහට බිම් බලාගත්තා..

" දෙන්නම යනවා පන්තියෙන් එලියට..ආවා මෙතන පාඩම අස්සේ නිදාගන්න "

මැත්ස් සර් අපි දෙන්නවා පන්තියෙන් එලියට දැම්මා..හරිනේ අමාරුව.. නිදි එකාව නැගිට්ටවලා පාඩම අහන්නෙ නැතුව ඌ දිහා බලන් මගුල් හිතන්න ගත්තනේ..

" ඇයි ඔයා මන් දිහා බලන් හිටියේ ? "

මම ගල් ගැහුනා..කියන්න උත්තරයක් මටවත් හිතාගන්න බැරි වුනා..

" මම ඔයා දිහා මොනව බලන්නද..සර්ට වැරදිලා වෙන්නැති..මම හිටියේ වෙන කල්පනාවක් බව ඇත්ත හැබැයි මම ඔයා දිහා බලන් හිටියේ නෑ "

" හරි හරි මොකද කලබල වෙලා මේ.. "

දෙව්මිණ හිනාවෙලා මන් දිහා බැලුවා..

" ඔයාට හිනත් යනවද පන්තිය මැද්දේ බැනුම් අහලා එලියටත් දාලා තියෙද්දී "

" මොනව කරන්නද ඉතින් වෙලා ඉවරනේ.. ඒත් ඒක නෙවෙයි ඔයාට ඒ ගාන හදන්න පුලුවන්නේ..ඔයා ගනන් වලට ගොඩක් දක්ශයිනේ..හැදුවනම් ඉවරනේ මෝඩයා "

" හදන්න පුලුවන් වුනානම් හදනවා තමයි...ඔයා හිතුවද මම මේ ඔයා එක්ක ඉන්න ආසවට ආවා කියලා..ඇයි ඔයා පන්තියේදී නිදාගන්නේ හැමදාම ? "

" මම උදේට ප්‍රැක්ටිස් වලට ඉදලනේ එන්නේ..4 ඉදන් 7.30 වෙනකන්..මහන්සියටත් එක්ක නින්ද යනවා ඉතින්.. ඒක නෙවෙයි ඔයා මොකුත් ස්පෝට්ස් කරන්නේ නැද්ද? "

" නෑ.. මම කැමති නෑ ස්පෝට්ස් කරන්න "

" අපෝ මහ මොකෙක්ද මන්දා..මම කැමතිම ස්පෝට්ස් කරන අයට "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now