CHAPTER 11 🌸

1.8K 261 112
                                    

" ඕයි තමුසෙලා කොටු පනින්නද ඕක අස්සට ගියේ... අතේ තියන පොයින්ට්ස් ටිකවත් ගනිල්ලා අයිසේ.. දෙව්මිණයි උද්‍යානයි තමුසෙලා දෙන්න කෝට් එක අස්සේ මගුල් නටන්න තියාගන්න එපා.. "

ෆස්ට් හාෆ් එක ඉවර වෙලා බ්‍රේක් එකේදි කෝච් සර්ගෙන් කන පුපුරන්න බැනුම් අහගත්තේ ෆස්ට් මැච් එකේ පොයින්ට්ස් හතර පහක්ම අපේ වැරදි වලින් මිස් කරගත්ත නිසා...ඔව් දෙව්මිණයි මමයි ඒකට ගොඩක් වගකියන්න ඕනි..නෑ ඇත්තටම මමයි ඒකට වගකියන්න ඕනි..

දෙව්මිණගෙයි මගෙයි ' ප්‍රශ්න විසදන්න කරපු කතාබහ ' නිසා මම එයාව හිතලම මගාරින්න හිතුවා..කියාගන්න තේරෙන්නෙ නැති වරදකාරි හැගීමක් නිසයි එයා අන්තිමට කියපු වචන ටික නිසයි මම මේ වෙලාවෙ ඉන්නේ ඇත්තටම හොද සිහියෙන් නෙවෙයි...

" සුවී අම් සොරී..මම පුලුවන් තරම් මූව් වෙලා ඉන්නම් ඔයා ලගට..මම නිසයි ඔයත් බැනුම් ඇහුවෙ "

නෑ එයා ඒ කියන්නේ බොරු..මම එයාව මගාරිනවා සහ එයා අන්තිමට කියපු වචන මගෙ හිත රිද්දුවා කියන එක එයා දන්න නිසා එයා මන් ඉස්සරහ මාව නෝමල් කරන්න ට්‍රයි කරනවා..මට ඒක තේරෙනවා..මොකද කෝට් එක ඇතුලේ මගෙ පර්සනල් ෆීලින්ග්ස් නිසා මමයි එයාව මගෑරියේ..

" නෑ නෑ මමයි වැරදි දෙව් මට ඔයාව බලන්න බැරි වුනා..ඊලග හාෆ් එකේදි මම ඔයාව බලන්නම්.."

" ඕකේ අවුල් ගන්න එපා..ඊලග හාෆ් එක හොදට කරමු දෙන්නම "

දෙයියනේ කියලා සෙකන්ඩ් හාෆ් එක ගොඩ දාගෙන මැච් එක වින් කරේ හාට් ඇටෑක් එකක් හැදෙන්න ඔන්න මෙන්න තියලා.. ඔව් ඒක ලේසියෙන්ම වින් කරන්න පුලුවන් මැච් එකක් වෙද්දි මම ඒක බොරුවට අමාරු කරන් දැගලුව කිව්වොත් හරියටම හරි...ඒත් මගේ ටීම් එකේ කවුරුත් මට එක වචනයක්වත් කිව්වෙ නැති එක මට ඉතුරු කරේ ලොකූ වරදකාරී හැගීමක් මගේ හිතේ ඉතුරු කරලා..මැච් එක වින් කරාම ඔක්කොම එකට බදාගෙන හිනා වුනා ඒත් මම හිත ඇතුලින් ඇඩුවා..

මැචස් ඉවර වෙලා ආපහු අපි නවතින තැනට ගියා..අපි හතර දෙනාම වොශ් දාලා කිට් ටිකත් වොශින් මැශින් දාලා ඉදගත්තේ සාලෙන්.. රෑ කෑමට වෙලා තියෙන නිසා සමහර අය නිදි මහන්සියට සමහර අය එහෙන් මෙහෙන් තුවාල වෙච්ච ඒවට බෙහෙත් දානව සමහර අය මොනාහරි මගුල් කියෝ කියෝ ඉන්නවා..මම කාටවත් කරදර නොකර ශේප් එකේ පිටිපස්සේ පැත්තේ පඩියක් උඩින් වාඩි වෙලා ඉර බැහලා යන අහස නැත්නම් හද පායන් එන අහස දිහා බලන් හිටියා.. .

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now