CHAPTER 15 🌸

1.8K 250 102
                                    

අද මගෙ උපන්දිනය..ජූලි හත.. අද දෙව්මිණ රට යනවා..මාස හයකට වෙන වුන අපේ යාලුකම අදින් අවසන් වෙනවා.. රට යනවා කියන එක අද වෙනකනුත් හැමෝම මගෙන් හන්ගලා තියෙද්දිත් මම ඇත්ත දැනගෙනත් කදුලු හන්ගන් හැමෝටම පේන්න හිනා වෙනවා..
.
.
.

" හංසජ ඒ බන් දැන් දෙව්මිණට කෝමද "

" ආහ් උඹට කියන්න හිටියේ...උද්‍යාන ඉන්න තැන කියන්න බෑනේ ඌ අවුල් යනවනේ..දෙව්මිණව යූකේ එක්කන් යනවලු බන් උගේ තාත්තා.. "

" අඩෝ ඒ කියන්නේ ඉස්කෝලෙන් අස් වෙනවද "

" නෑ නෑ එහෙම කරන්නෙ නෑ..එයාගේ නී එකේ ඩැමේජ් එක නිසා එයාට ටෙනිස් ප්ලේ කරන්න බෑනේ බන්.. ඉතින් ඉස්සෙල්ලම ෆිසිකල් තෙරපි වලින් නී එක රිකවර් කරන් ඉන්න ඕනිලු.. ඊට පස්සේ එහෙ තියාගෙනම දෙව්මිණව ටෙනිස් වලට ට්‍රේන් කරවනවලු "

" ඉතින් එතකොට එයා ආපහු එන එකක් නැද්ද "

" අන්කල් කියපු විදිහටනම් අවුරුදු තුනක් වගේ යයිලු ආපහු එන්න.. "

" අඩෝ අපි උද්‍යානට මොකද බන් කියන්නෙ "

" මම දෙව්මිණගෙන් ඇහුවා බන්.. ඌ කැමති නෑ උද්‍යාන එක්ක කතා කරන්න.. මම හිතන්නේ උන් දෙන්න අතරේ එදා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා "

" අඩෝ ඒත් බොරු කියන්න බෑනේ බන් "

" කරන්න දෙයක් නෑනේ බන් දෙව්මිණ කැමති නෑනේ..අනික ඌ යන්නේ උද්‍යානගේ උපන්දිනේ දවසෙම.. ඌ යනකන් ඌ ගැන කිසි දෙයක් කියන්නත් එපා කිව්වා.. ඌට උද්‍යාන එක්ක කතා කරන්න දෙයක් නෑලු බන් "
.
.
.
.

එදා හොරෙන් අහගත්තු නිසා එයා විස්තරේ දැනගන්න පුලුවන් වුනා.. ඒත් හිතුවෙ නෑ හැමෝම මට මෙහෙම කරයි කියලා.. එක අතකින් යාලුවෝ නොහිටපු මට මගෙ පරණ ජීවිතේට ආපහු යන්න පුලුවන්...

අම්මා උදේම කිරිබත් හදලා කවලා උම්මා එකකුත් දීලා මාව බදාගත්තා..

" මගෙ සුදු පුතා හැමදේම ඉක්මනට හරියයි..මගේ මැනික උපන්දිනේ දවසේ මූන එල්ලන් ඉන්නවා දකින්න අම්ම කැමති නෑනේ කොල්ලො "

" නෑ අම්මේ මම හොදින්.. දෙව්මිණ අද රට යනවා බෙහෙත් කරන්න.. ඉතින් දැන් මට දුක් වෙන්න දෙයක් නෑ "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now