CHAPTER 39 🌸

1.7K 200 69
                                    

මම සුදූ ලග එක දිගට සතියක් හිටියා..තාම එයා මන් දිහා නැගිටලා බලන්නවත් උනන්දු නෑ.. මේ සතියට අපේ පවුල් හතරෙම කට්ටිය එයාව බලන්න ආවා..මම මෙහෙට ආවයින් පස්සේ එක දවසක්වත් එයා ලගින් ගියේ නෑ..දවස තිස්සෙම එයාගේ අත අල්ලන් එයාට මම ආදරෙයි මම වෙනුවෙන් නැගිටින්න කිව්වා..මම අඩ අඩ කිව්වා ආදරෙන් කිව්වා කේන්තියෙන් කිව්වා ඒත් එයා ඒ කිසි දේකට නැගිට්ටේ නෑ...

එයාට සේලයින් එකක් ඉවර වෙන්න එකක් දෙද්දි ඩොක්ටර්ස්ල කිව්වේ එකම දෙයයි සිහිය ආවත් ජීවත් වෙන්න තීරනේ කරන්නේ එයා කියලා..සාමාන්‍ය මනුස්සයෙක්ට ඩිප්‍රෙශන් හැදෙන්නේ ලෙවල්ස් විදිහටලු මානසිකව වැටිලා කාලයක් පීඩා විදලා ඒ තත්වෙ මත සෑහෙන්න ලක්ශන පෙන්නලාලු ඔය වගේ තැනකට එන්නේ..ඒත් මගේ මැනික ඒ හැමදෙයක්ම හන්ගන් ඒ තැනට ඇවිල්ලා..

මම එයාගේ අත අල්ලන් ඇදට ඔලුව තියාගත්තේ දවස් ගානක් නිදි නැදි මහන්සියට..ප්‍රැක්ටිසස් මැරෙනකන්ම කරලා මැචස් ගහලා ඒ පැත්තටම ලංකාවට ඇවිත් තාමත් මන් අවදියෙන්..මට හරිම මහන්සි මැනික..ඔයාට වගේම මටත් දැන් ඕනි විවේකයක්..

" ඔයා මාව දාලා යන්න හිතුවොත් බය වෙන්න එපා එක තප්පරයක්වත් මම ඉන්නේ නෑ මාත් එනවා ඔයා එක්කම..මෙහේ බැරි වුනත් එහෙදි හරි අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් වෙයිනේ..ඒත් ඔයා මෙහෙම ඉන්නකොට මට ඒ දේවත් කරන්න බෑ මැනික..එක්කො නැගිටින්න නැත්නම් දෙන්නම යමු..මෙහෙම ඉන්න එක ඔක්කොටම වඩා අමාරුයි මැනික.."

" අපි එහෙනම් යමුද දෙව්.. "

මට හිතාගන්න බැරි වුනා.
මම එයාගේ අතින් අල්ලන් ඇදට ඔලුව තියන් ඇස් වහන් මුමුනපු එකට මගේ අත ආපස්සෙට තද වෙලා උත්තරයක් දුන්නා..

" මගෙ පන... "

මම ඇඩුවා..මම එයාව බදාගෙන ඇඩුවා.. කියන්න තේරෙන්නේ නැති තරම් වේදනාවක් එක්කම සතුටු වුන මම ඒ දෙකම නිසා ඇඩුවා..

" මට..මට සමාවෙන්න දෙව්.. "

" ශ්...ශ්..මැනික ඉන්න මහන්සි වෙන්න එපා..ඩොක්ටර්ව අඩගහන් එන්නම් ඔහොමම ඉන්න.. "

මම ටග්ගාලා දුවලා ගිහින් ඩොක්ටර්ව එක්කන් ආවා..ඩොක්ටර් ඇවිත්  එක එක අහ අහ සුදූව චෙක් කරා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now