CHAPTER 8 🌸

2K 263 105
                                    

" සිරාවටම ඔයාට පුලුවන් ඉගෙන ගන්න දේවල් විතරයි.. අනිත් දේවල් වලට ඔයා තාම ටියුබ් ලයිට් නේ.. කන් දෙක වහගන්න වෙලාවේ ඔයාගේ අනිත් දේ වහගන්න..සුදු ඇදුමක් තෙමුනාම පේනවා කියන දේ තේරෙන්නෙත් නැති මෝඩයෙක් "

ලැජ්ජාව බාල්දියෙන් එකයි.. ටග්ගලා අත් දෙකෙන් වහන් අනිත් පැත්ත හැරුනේ තවත් ඒ  මූන දිහා බැලුවොත් මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව..

" දැන් වහගත්තා කියලා වැඩක් නෑ හැබැයි දැකලා ඉවරයි..දැනුත් ඇපල් ගෙඩි දෙකක් පේනවා "

" තමුසෙ මොකටද බලන්නේ දැක්කේ නෑ වගේ යනවකෝ "

" බලන්න හරි වැඩේනේ..එහාට යනවා මට සබන් ටික හෝදගන්න "

දෙව්මිණ මාව ශවර් එක යටින් එහාට තල්ලු කරලා සබන් හෝදගත්තා..මම තාම පිටිපස්ස හැරිලා හිටියේ අවංකවම මූන බලන්න තරම් පුලුවන් තත්වයක් තිබ්බේ නැති නිසා.. දෙවමිණ සබන් ටිකත් හෝදන් ටවල් එක ඇදන් එලියට යන්න හදද්දි මම ටග්ගාලා එයාව නැවත්තුවා...

" දෙව්~ ප්ලීස් උදව්වක් කරන්නකෝ "

" ... "

" මට ටී ශර්ට් එකක් ගෙනත් දෙන්නකෝ "

".... "

දෙව්මිණ මගෙ අත ගසලා යන්න ගියා..මම තනියෙන් නිසා ටග්ගලා සබන් ගාගෙන හෝදන් ටවල් එක ඉනට ඇදගෙන බලන් හිටියේ දෙව්මිණ එනකන්..

" ටක් ටක් "

මම දොර බාගෙට ඇරලා ඔලුව දාලා බලද්දි දෙව්මිණ ටී ශර්ට් එකක් ගෙනල්ලා හිටියා..මම ඒකත් ඇදන් ටග්ගලා එලියට ආවෙ තවත් හතර දෙනෙක් වොශ් දාන්න යන්න පෝලිමේ ඉන්නවා කියලා දන්න නිසා..

කාමරේට ඇවිත් ශෝටකුත් ඇදලා කන්නාඩියෙන් බලද්දී දැක්කේ දෙව්මිණ ගෙනත් තියෙන්නේ එයාගේ ටී ශර්ට් එකක් කියලා..ආපහු ගලවන්න කැම්මැලි නිසා ඒකත් ඇදන් එලියට ගියේ අනිත් කට්ටිය ගාවට..කට්ටියම සාලෙ බිම ඉදගෙන වටේට වාඩිවෙලා ඉන්නවා..

" අම්බේ මූ ඇති යන්තම් ඇවිත්..හතර දෙනා ගානෙ කිව්වට අන්තිමේදී තනියම හෝදන් ආවනේ "

විදුර නෝන්ඩියට හිනා වෙද්දී මට තේරුනා ඌ මීන් කරේ මට වෙච්චි අකරතැබ්බය ගැන කියලා.

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now