CHAPTER 18 🌸

1.9K 268 238
                                    

"සුවී මේ..මේක බලන්නකෝ "

" මොකක්ද "

" මේ දෙව්මිණ.. එයා ඉන්ස්ටග්‍රෑම් ඉන්නවා "

ශ්වීන්ගේ ගෙදර පාඩම් කරන්න ගියපු වෙලාවෙ ශවීන් එයාගෙ ෆෝන් එක ඔබ ඔබ ඉදලා මට දෙව්මිණගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එක පෙන්නුවා.. එයා ලස්සන තැන් වල ඇවිදලා ඇන්ඩෲ එක්ක ගහපු ෆොටෝස් ගොඩක් ආප්ලෝඩ් කරලා තිබ්බා.. ටෙනිස් මැචස් වලදි ගහපු ෆොටෝස් එක එක කෑම ජාතිවල ෆොටෝස් පාටි වලට ගිහින් ගහපු ෆොටෝස් ගොඩාක් තිබ්බා..අවංකවම දැක්කම සතුටක් එක්ක පුංචි දුකක් ආවා.. එයාගේ ඒ හිනාව ඇත්තටම ෆොටෝස් වලින් දැක්කට ඇත්තට මම දැකලා තිබ්බේ නෑ..

" සුවී ඇයි මේ අඩන්නේ.. "

" ආහ් නෑ රොඩ්ඩක් ගිහින්...මම මොකට අඩන්නද බන් "

" අනේ පලයන් බොරු නොකියා..දැන් ඔයා මට කියන්නෙ  නැද්ද "

" නෑ නෑ එහෙම නෙවෙයි ඉතින් මට එයාව මතක් වුනා එච්චරයි "

" මේහ් අපි ඔයාටත් එකවුන්ට් එකක් හදමුද "

" මට ෆෝන් එකක් නෑනේ මෝඩයෝ.. "

" අපේ තාත්තිගේ පරන ෆෝන් එක ඇතී..මම අහලා ඔයාට දෙන්නම්.. "

" අපේ අම්ම බනීවී මට දැන්ම ෆෝන් තියන් හිටියොත්..."

" හරි ඉතින් එහෙම වෙන්නෙ ඔයා වැඩ නොකර ඒකේම හිටියොත්නේ..අම්මගේ පර්මිශන් අරන් කියන්න..ඊලගට අපේ ගෙදර එන දවසේ අපි ඔයාට එකවුන්ට් එකක් හදමු "

අපේ පන්තියේ ෆෝන් එකක් නොතිබ්බ එකම ලමයා මම වෙන්නැති..සාමාන්‍යයෙන් ලමයෙක්ට ෆෝන් එකක් අතට දෙන්නේ ඕලෙවල් විභාගේ ඉවර වෙලානේ..ඒත් මේ සල්ලිකාර ලමයින්ට ෆෝන් කියන්නේ නිකන් සෙල්ලම් බඩු වගේ...

අම්මාගෙනුත් ෆෝන් පාවිච්චියට අමාරුවෙන් අවසර අරන් දවස් දෙකකට පස්සේ ශවීන්ගේ ගෙදර ගියා..විදුරත් දැන් ශවීන් එක්ක ගොඩාක් එකතු නිසා උන් දෙන්නා මට ෆෝන් පාවිච්චි කරන්න උගන්නනවා..ශවීන්ගේ අම්මා අලුත් සිම් එකකුත් අරන් තිබ්බා අපි ගෙදර එද්දී..

" සුවී මේ තියෙන්නෙ ඔයාගේ නම්බර් එක..මේ තියෙන්නේ ඊ මේල් එක මේක පාස්වර්ඩ් එක..මෙතනින් තමා ඇප්ස් දාගන්න ඕනි.. මෙන්න මෙහෙම.. "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now