CHAPTER 10 🌸

1.9K 295 103
                                    

බාස්කට්බෝල් මැචස් වලට එක එක ඉස්කෝලවල් වලින් සෑහෙන්න ටීම්ස් තොගයක් ඇවිත් හිටියා.. ග්‍රවුන්ඩ් එකේ ඕපන් සෙරමිනි එකට කලින් හැමෝම ග්‍රවුන්ඩ් එක වගේ ලොකු පැවිලියන් ඉස්කෝලවල් වලට වෙන් කරලා තියෙන කොටස් වල වාඩිවෙලා ඉන්නේ සෙරමණි එක පටන් ගන්නකන්..

9ට සෙරමනි එක ප්ටන් ගන්න හැමෝම ග්‍රවුන්ඩ් එකේ ලයිනප් වුනා..ඔව් ඇත්තටම දකින්න ආස තරම් ලස්සනයි...එක එක ඉස්කෝලවල් වලට වෙන වෙනම ඒජ් ගෲප් වලින් ලොකු පිරිසක් හිටියා.. මගෙ ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් දකින මගේ අත් දෙක වෙව්ලන්න ගත්තා..

" සුවී ඇයි ඔය "

හැමදාම වගේ මගෙ වෙනස මුලින්ම් අදුනගත්තේ දෙව්මිණ..

" නෑ මොකුත් නෑ... "

" බයයිද "

එයා මගේ අත් දෙක තද කරලා අල්ලගත්තා.. ඒ දැනුන සීතලටද මන්දා මටත් හොරාවට මගෙ හදවත් පිස්සු නටන්න අරන්.. ඒ අස්සේ බඩේ මොක්කුද දගලනවා වගේ..

" හ්ම්ම්... මම මේ වගේ දේකට ඉදලා නෑ කවදාවත්.. "

" ම්ම්ම් බය වෙන්න එපා..මන් ඉන්නවනේ..මගෙ ලගින් ඉන්න "

අපි වටේ කොච්චර පිරිසක් හිටියත් එයා නෙවෙයි මගෙ අත අතෑරියේ..සමහර අය අපි දෙන්න දිහා බල බල හිනා වෙනවා මන් දැක්කා.. මට නොතේරෙන අමුතු හැගීම් මට වද දෙනවා..

තමන්ගේ හොදම යාලුවා ලගින් ඉන්න එක ඇයි මේ වගේ දැනෙන්නෙ.. මේක ඇත්තටම යාලු කමක් ද.. නැත්නම් මේ වෙන මොකක් හරි දෙයක්ද.. අවුරුදු 12ක මට මේ හැගීම් තේරුම් ගන්න බැරි තරම් බර වැඩී..

සෙරමනි එකෙන් පස්සේ අපිට මැච් එකේ ප්ලෑන් එක හම්බුනා.. පලවෙනි මැච් එක දවල් 1.30ට තියෙන්නෙ නුවරම ඉස්කෝලයක් එක්ක.. අපිට තව ගොඩක් වෙලා තියෙනවා අපේ මැච් එකට.. අපිට කලින් ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ ලොකු අයියලාගේ මැච්ස් තියෙන නිසා කෝච් සර් අයියලා එක්ක ස්ටේඩිය එකට ගියා..අපිට අන්ඩර් 14 , 16 අයියලා එක්ක ග්‍රවුන්ඩ් එකේ නවතින්න වුනා..

පැය ගානක්ම තියෙන නිසා අපි පුරුදු විදිහට අපේ ස්පේස් එකෙන් වාඩි වෙලා හිටියා.සෙට් එකක් නිදි සෙට් එකක් මොනවද කනවා තව සෙට් එකක් මොනාද කියවනවා..දෙව්මිණත් කියවන ගොඩ අස්සේ මැද්දෙන් ඇඩ් දානවා..මම ශේප් එකේ එයා ගාවට ගිහින් ටී ශර්ට් එකේ කොනෙන් ඇද්දා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now