CHAPTER 24 🌸

1.9K 263 217
                                    

" ආහ් ඇන්ඩෲව දාලා ආපු නිසා දුක ඇති..මන් යනවා මටත් පිස්සුනේ ලෙඩ තියන් හොයන් එන්න "

මම ගස්සලා හැරිලා එන්න හැදුවා විතරයි එයා මාව ඇදලා ගත්තා...

" දෙව්... "

" ..... "

" දෙව්මිණ ඇයි මේ... "

" මට ටිකක් මෙහෙම ඉන්න දෙන්නකෝ...ප්ලීස් "

දෙව්මිණ මාව තදින් තුරුල් කරගත්තා.. කොච්චර තදින්ද කිව්වොත් මට හුස්ම ගන්නත් අමරුයි..මගේ ඉනවටේ අත යවලා මට දැනෙනවා එයා තව තවත් මාව තුරුල් කරගන්නවා..මම දගලන්නේ නැතුව ඉඩ දුන්නා..ටික වෙලාවක් යද්දි මගේ උරහිස තෙත් වෙද්දි මට තේරුනා එයා අඩනවා කියලා..එයාගේ හදවත හයියෙන් ගැහෙනවා ඒකත් මට දැනෙනවා..මට තව දුරත් මෙහෙම ඉන්න බැරි බව මට දැනුනා..

" දෙව්...මිණ මට හුස්ම ගන්න අමාරුයි "

" ඔහ්හ්හ්...සොරි.. "

දෙව්මිණ කදුලු පිහිදාගෙන මගෙන් ඈත් වුනා..

" ඇයි මේ අඩන්නේ..ඔයා ප්‍රශ්නෙකද "

" සුවී මම නිසා ඔයා අවුරුදු තුනක් එච්චර විදෙව්වද..ඔයාට මම නිසා එච්චර දෙයක් වුනාද..මම ආවේ එදා ඔයාට කිව්ව වචනෙට සමාව අරන් නොකියා ගියපු එකට සමාව ගන්න..ඒත් මම දැන් දන්නේ නෑ මම තව දුරටත් සමාව ඉල්ලන්නවත් සුදුසුයිද කියලා "

එයා ආපහු අඩන්න ගත්තා..එයාගේ මූන රතූ වෙලා නහය ජම්බු ගෙඩියක් වගේ වෙලා..අනේ මූ හුරතල් වෙලා...අයියෝ මාව දියවෙනෝ වගේ අප්පා..

" ඊව්ව් ඔයා අඩන බබෙක් වෙලානේ...ඊයා හොටුත් එනව ඔන්න "

" මෝඩයා.. "

අඩන කෙනෙක්ගේ මූනට ඇඩිල්ල අස්සේ හිනාවක් ගේන්න පුලුවන්නම් පිලිගන්න ඒ හැගීම කියන්න තේරෙන්නෙ නැති දෙයක්..

" අහන්න දෙව්..මිණ..මට වෙච්ච දේට ඔයා වග කියන්න ඕනි නෑ..එදා ඒ සිද්දියෙන් පස්සේ ඔයාගේ කන්ඩිශන් එකවත් මම ඇහට දැක්කේ නැති එකට මන් හිතන්නේ මම හිතුවා වැඩි..ඒකට ඔයාට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑනේ දෙව්..මිණ.. ඔයත් හිටියේ අසනීපෙන්.. අනික මම දැන් හොදින් "

" ඇයි මට දෙව් කියන්නෙ නැත්තෙ දැන් "

" මට ඒකට තව කල් ඕනි..මන් කන්ෆටබල් නෑ ඒ වචනේ එක්ක දැන් "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now