CHAPTER 21 🌸

1.9K 258 183
                                    

2018 ජනවාරි

කාලය ගත වුන ඉක්මන කිව්වොත් දැන් අපි සුදු දිග කලිසම් අදින අයියලා වෙලා.. ගිය අවුරුද්දේ මගේ උපන්දිනෙන් පස්සේ වෙලාව අපිට අයිති දෙයක් නෙවෙයි කියන එක මට දැනුනා.. ශවීන්ගෙයි විදුරගෙයි ප්ලෑන්ස් නිසා මගේ ඉන්ස්ටග්‍රෑම් ෆීඩ් එකම මගේ විකාර ෆොටෝ වලින් පිරුනා.. ඒ එක්කා දෙව්මිණගේ මැසේජ් මට එනවා වෙනුවට ශවීන්ට වගේම විදුරටත් එන්න ගත්තා..

මට ශවීන් එක්ක තියෙන යාලුකම මොකක්ද අහලා , අප්ලෝඩ් කරන ෆොටෝස් මට කම්ෆටබල්ද අහලා , මම ගොඩක් වෙනස් වෙලාද අහලා එක එක විකාර ගොඩක් අහලා තියෙනවා.. මගේ ස්ටෝරිත් ඉදලා හිටලා බලලා කියල මටත් දකින්න ලැබෙනවා..

ශවීනුයි විදුරයි කියන විදිහට එයා තාම මන් ගැන කෙයා කරනවා..ඒත් මට වගේම එයාටත් කතා කරන්න හයියක් නෑ කියලයි එයාලා කියන්නේ..ඒත් එයාලත් වැඩේ අතාරින්න ලෑස්ති නෑ..එයාලා කියන්නේ මට දෙව්මිණගෙන් එකම එක මැසේජ් එකක් ආවනම් ඇති කියලා..

අපෙ නන්ගි ජම්බු ගහෙන් වැටිලා..ඉතින් මේ ටිකේ මට අම්ම ගෙදර ඉන්න එපා කිව්වා සතියක් යනකන්..මොකද අපේ ගෙදර ලොකු ඉඩකඩක් නැති නිසා නන්ගිට ටිකක් නිදහසේ ඉන්න දෙන්න ඕනි නිසා මම ශවීන්ලගේ ගෙදර ආවා..මගේ චූටි කෙල්ල දැන් ලොකුයි කියලා දැනෙද්දි හිතට චූටි දුකක් නැතුවම නෙවෙයි..

කෝමහරි මම ශවීන්ලගේ ගෙදර කියලා දැනගත්ත විදුරත් මෙහෙ එන්න ආවා...මුන් දෙන්න එකට ඉන්නවා කියන්නේ එතනින් තැලෙන තුන්වෙනි පාර්ශවය මම..

" අහන්නකෝ අපේ ප්ලෑන් එක අති සාර්ථක බව ඇත්ත හැබැයි ප්ලෑන් ඒ එකේ මේන් ගෝල් එක දෙව්මිණගේ මැසේජ් එක සුවීට එන එක නිසා අපි මේකට දෙයක් කරන්න ඕනි..ස්කින් එක පේන්න ෆොටෝ දැම්මා , මම ලග ඉන්න ඒවා දැම්මා තව මොනාද බන් "

" සුවීව අල්ලන් ඉන්න එකක් දාපන්..අයි මීන් ටිකක් සෙක්සි එකක්..ප්ලෑන් බී එකේ ට්‍රේලර් එක විදිහට "

ඇහක් ගහලා මුන් කිව්ව අබූත කතාව මට තේරුනේ නෑ ඇත්තටම

" මොකක්ද ප්ලෑන් බී..මටත් කියපල්ලකෝ "

" උබට වැඩක් නෑනේ..මේ දෙව්මිණ අනිත් අය ඔයාගේ කොහෙන් අල්ලනවටද අකමැති "

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now