✨️💜️ Chapter 09 💜️✨️

2.2K 325 11
                                    

" මැඩම් වැඩේ හරි "

" හ්ම්ම් very good "
එහෙම කියපු ගෑනු කෙනා සල්ලි වගයක් අර මනුස්සයාගේ පැත්තට වීසි කලා

" ඔතන තමුසේ ඉල්ලපු ගාන ඇති කෙල්ල මේ ලෝකෙන් චුත උනාම ඉතුරු ගාන ලැබෙයි මේ පාර වැඩේ ගස්ස ගන්නවා එහෙම නෙවෙයි එහෙම උනොත් තමුසෙලාගේ ජීවිත තමයි නැති වෙන්නේ 😏"

" මේ පාර එහෙම වෙන්නේ නැ මැඩම් "

" ඔය කිව්වා වගේ වැඩේ සිද්ධ උනොත් තමයි හොද "
එහෙම කියපු ගෑනු කෙනා එතැනින් ගියා

At yunha's house

කට්ටිය ගෙදර එනකොට ගෙදර දොර ඇරලා දාලා තිබුනේ

" දොර වහලා නේද ගියේ 🤨"
හනා ඇහුවා

" යේ හනා මම තමයි දොර වැහුවේ "
සනා කිව්වා .

" අතට අහුවෙන දෙයක් අරගෙන ඇතුලට යන් ඉන්න එකා පරලොව යවමු 😏"
ලූනා මල් පෝච්චියක් අරගන්න ගමන් කිව්වා

" ලූනා මේ පිස්සු නටන්න එපා එයාලා ලග වෙපන්ස් තියෙනවා ද දන්නේ නැ නේ "
සනා කිව්වා

" ඒක ඇත්ත "
ලිසා කිව්වා

" මම ඉස්සෙල්ලාම යන්නම් මම හරි කිව්වාම එන්න හරි ද "
සනා කිව්වා

" ඒත් සනා ......."
හනා කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න දෙන්නේ නැතුව සනා ආපහු කතා කරන්න පටන් ගත්තා

" හනා ඔයාට අමතක උනාද මම කවුද කියලා බය වෙන්න එපා මට මං ගැන බලාගන්න පුලුවන් අනික මම පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි නේ 🙂"

" හරි හැබැයි පරිස්සමින් හොද ද "

" 🙂 "
සනා හිමින් සැරේ ඇතුලට ගියා මුලු ගෙදරම අනිත් පැත්ත පෙරලලා මේස පුටු ඔක්කොම අනිත් පැත්ත ගහලා පිස්සන් කොටුවක් වගේ සනා එතකොට තමයි දැක්කේ බිම ලියුම් කවරයක් තියෙනවා සනා ඒක ඇහිදලා අරගෙන බැලුවා ඇතුලේ තිබුනේ ලේ වලින් යුන්හා කියලා ලියලා තිබුණු කොලයක් වගේම යුන්හාගේ ෆෝටෝ එකක් ඒ ෆොටෝ එකෙත් රතු පාටින් කතිරයක් ගහලා තිබුනා

" යුන්හා ජීවතුන් අතර කියලා දැනගෙන "
සනා යුන්හාගේ ෆොටෝ එක දිහා බලාගෙන හිතුවා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now