✨️💜️ Chapter 28 💜️✨️

1.8K 301 81
                                    

යුන්හාව එතැන ලග තිබුණු ගබඩාවකට අරගෙන ගියා

" තමුසෙලාට මොනාද ඕන ඇයි මෙහෙම කරන්නේ "
යුන්හා කෑගහලා ඇහුවත් අර කොල්ලෝ ටික හිනා වුනා

" මේකිගේ කටේ සද්දේ අපිට මොනාද ඕන කියලා අහනවා "
එහෙම කියලා ඒ මිනිහා යුන්හාගේ කම්බුලට ගැහුවේ බිමට වැටෙන්න කෙල්ලගේ ඇස් වල කදුලු පිරුනේ ගහපු පාරේ සැරට

" ගහපන් මේකිට විදවලා මැරෙන්න ඕන මේකි නිසා මම අර ගෑනි ඉස්සරහ පහතට වැටුනා "
මාක් කිව්වේ තරහින් ඊට පස්සේ යුන්හාට ගැහුවා කිසි හිතක් පපුවක් නැතුව කෙල්ලෙක් කියලවත් හිතන්නේ නැතුව කෙල්ලට ගැහුවා කෙල්ලගේ ඇදුමත් තැනින් තැන ඉරිලා ඇගේ හැම තැනම තුවාල

" නවත්තපන් මැඩම් කතා කරනවා "
මාක් කිව්ව ගමන් ගහන එක නැවැත්තුවා

" මැඩම් මේ පාර නම් වැඩේ ගොඩ "

" තමුසේ මේ පාරවත් වැඩේ අනාගන්නේ නැතුව කලොත් ලොකු දෙයක් "

" මැඩම් අපිව ඔහොම පහත් කරලා කතා කරන එක හරි නැ නේද "

" කෝ දැන් කෙල්ල "

" තාම පනපිටින් මැඩම් තව ටිකක් නෙලුවා නම් කෙල්ල යන්න ඕන තැනට ගිහින් "

" කෙල්ල තාම හොද සිහියෙන් ඉන්නවා නේ "

" ඒක නම් දන්නේ නැ මැඩම් භාගෙට ඇස් පියවිලා "

" ස්පීකර් දාපන් "

මාක් ස්පීකර් දාලා යුන්හා ලගට ගිහින් පහත් වුනා

" යුන්හා කොහොමද angel ඔයාට "

කාලයක් ගෙවුනත් ඒ කටහඬ අදුරගන්න යුන්හාට පුලුවන් උනා

" මී... මීහා...... ආ...ආන්..ආන්ටි... ඕඔ...ඔයා "
කෙල්ලට කතා කරගන්නවත් බැ හරියට

" මොකද්ද යකෝ මේ කලේ කෙල්ලට හරියට කතා කර ගන්නවත් බැ තමුසෙට මම කිව්වේ නැ නේ කෙල්ලට කතා කරගන්න බැරි තරමට ගහන්න කියලා "
මීහා මාක් ට කෑගැහුවා

" මැඩම් අපිට එහෙම දෙයක් කිව්වේ නැ නේ මැඩම් කිව්වේ කෙල්ලව මරන්න කියලා විතරයි "
යුන්හාට මේ වෙන දේවල් තේරුම් ගන්න බැරුව හිටියේ

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now