✨️💜️ Chapter 41💜️✨️

2K 301 142
                                    

Yunha pov

මේ ජීවිතේ මට හිමිවුනු දේවල් වලට වඩා අහිමිවුනු දේවල් ගොඩයි ඒ හැමදේම මම දරාගෙන අද වෙනකම් ජීවත් වුනා ඒත් තවත් දේවල් දරාගන්න මට ශක්තියක් ඉතුරු වෙලා නැ දැන් මට මහන්සියි මම හිනා වුනාට වඩා අඩපු එකයි කලේ.......

හිතේ තිබුණු හැමදේම ලූනාට කිව්වාම හිතේ තිබුණු දුක ටිකක් අඩු වුනා ඉස්සරහට මොනවා වෙයිද කියලා මට බයයි මට ජන්කූක් ලග ඉන්න බැරි වෙයිද කියලා බයයි

මම ඇදේ ඇන්දට හේත්තු වෙලා ඇස් පියාගෙන කල්පනා කලේ මගේ ජීවිතේ ගැන එතකොට මට දැනුනා උනුසුම් අතක් මගේ කම්බුල පිරිමදිනවා මේ උනුසුම මම කාගෙද කියලා දන්න නිසා ඇස් ඇරියේ නැ

" යූ......"

එයා මට කතා කලා මම ඇස් ඇරලා ජන්කූක් දිහා බැලුවා ඒ ඇස් වල කදුලු පිරිලා ඒකත් මේ මං නිසා ජන්කූක් අසරණ විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා

අනේ ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නවා එපා දරාගන්න බැ..

මගේ හිත කෑගහනවා

" මම නිසා නේද මැනික මේ....."

අලුත් වෙන කදුලු එක්ක නැ කියන්න මම ඔලුව වැනුවා

" නැ නෙවෙයි යූ..මම නිසා තමයි ඔයා අසනීප වුනෙත්.... මම ඔයාට හම්බ නොවුනා නම් ඔයා සතුටින් නේද මැනික "

මොනාද දෙවියනේ මේ කියන්නේ ඔයත් හදන්නේ මාව දාලා යන්න ද අනී මට බැ මට බැ ඔයා නැත්නම් ඉන්න

මම ජන්කූක්ව බදාගත්තා එයත් මගේ ඉන වටේ අත් යවලා තුරුල් කරගත්තා

" ජ්..ජන්කුකා..."

" ම්ම්ම් "

මම ජන්කූක්ගේ ශර්ට් එක අතින් ගුලි කරගත්තා

" මාව දාලා යන්න එපා.....මම මැරෙයි ජන්කුකා..😭"

මම ඉකි ගහ ගහා කියනකොට මගේ ඉන වටේ එතිලා තිබුණු ජන්කූක්ගේ අත් තවත් තද වුනා

" මම කොහේ යන්න ද මැනික ඔයාව දාලා මම කොහෙවත් යන්නේ නැ අරස්සෝ.......?
දැන් ඔය ඇති ඇඩුවා බලනවකෝ හැටි "

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now