✨️💜️ Chapter 18 💜️✨️

1.9K 303 25
                                    

දෙපාරක් rings යනකොට එයා answer කලා

" යෙබු........."
එච්චරයි මට කියන්න ලැබුනේ බොසා යකා වැහිලා වගේ මට කෑගහන්න පටන් ගත්තා

" තමුසේ මොකද ඔෆිස් ආවේ නැත්තේ ආ ඒකත් කාටවත් නොකියා තමුසේ කවුරු කියලා හිතාගෙන ද ඔහොම කරන්නේ මම තමුසෙව අයින් කරනවා තමුසේ වගේ මිනිස්සු මට පේන්න බැ තමුසෙගේ resignation letter හෙට වෙද්දී ලැබෙයි "

" සර් පොඩ්ඩක් මම කියන දේ........"
මේ මිනිහා මට කතා කරන්න දෙන්නේම නැ නේ මොන සෙද්දක් ද මේ

" තමුසෙගේ නිදහසට හේතු අහන්න මට වෙලාවක් නැ "

" සර්......."
Cut කලාද අයිෂ් මේ මනුස්සයා මම කිව්ව කිසිදෙයක් ඇහුවෙත් නැ මාව අස් කලා මට මොකෝ මම කාටවත් වදින්න යන්නේ නැ ආපහු පරන පුරුදු ජීවිතේට යනවා මේ වගේ කිසි හිතක් පපුවක් නැති මනුස්සයෙක් ලග වැඩ කරනවාට වඩා ඒක හොදයි ඒත් හනා ඔන්නිට මේක කිව්වොත් දුක හිතෙයි නේ එයා තමයි මට මේ job එක ලැබුනා කිව්වාම ගොඩක්ම සතුටුයි උනේ ඒත් මෙතන මගේ වරදක් නැ නේ වෙන දේකට මූන දෙමු යුන්හා
මම එහෙම්ම ඇදේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා

Author pov
යුන්හා ගෙදර ආවට පස්සේ තමයි හනා දැක්කේ ලූනාගෙන් missed call 3 ක් තියෙනවා හනා ඒ වෙලාවේ හිටියේ operation theater එකේ හනා ලූනාට call කලාට එයා answer කලේ නැ ඒ වෙලාවේ ඉන්හා එතැනට ආවා

" හනා යුන්හාව hospital එකට එක්කන් ආවා "
ඒක ඇහුවාම හනා බය වුනා

" what......? යුන්හාට මොකද වෙලා තියෙන්නේ ඇයි එයාව hospital එකට එක්කන් ආවේ අනේ ඉන්හා කියන්නකෝ "
හනා ඉන්හාගේ උරහිසෙන් අල්ලන ගමන් ඇහුවා

" බය වෙන්න එපා බන් කෙල්ලට උණ හැදිලා ඒකයි එක්කන් ආවේ "
එතකොට තමයි හනාගේ ඇගට ලේ ටිකක් ඉනුවේ

" වෙන ප්‍රශ්නයක් නැ නේ උබ ද යුන්හාව check කලේ "

" අනී ජින් තමයි යුන්හාව check කලේ කෙල්ල ජින්ව දන්නවා නේ යුන්හා විතරක් නෙවෙයි ලූනා ලිසා වුනත් ජින්ව දන්නවා නේ "

" යේ අනිත් තුන් දෙනත් දන්නවා ජින්ව "

" ඒ කොහොමද "

" ඒ කොහොමද කියලා මම පස්සේ කියන්නම් දැන් කියන්නකෝ ජින් කොහෙද ඉන්නේ කියලා මට කතා කරන්න ඕන "

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now