1

1.9K 116 76
                                    

Wang yibo  නිසා අද ඉන්ටර්නෙට් බ්‍රේක්ඩවුන් වෙලා.
Weibo වල rush එක නිසා ඔක්කොම stuck වෙලා.
වෙයිබෝ වල දාපු ඒ වීඩියෝ එකේ තේරුම මොකක්ද??
කැස්බෑවොයි , සොලෝ කට්ටියයි ඔක්කොම fire වෙලා.
මම වැඩ කරන movie set එකේ කට්ටියත් කුසු කුසු ගගා ඒක තමයි කතා කරන්නෙ. කවුරුත් ප්‍රසිද්ධියේ මුකුත් කිව්වෙ නැතුවට.

මොනවද ඒ වීඩියෝ එකේ තිබ්බෙ?
ඒක බලන්න තාම මට බැරිවුනා , බලන්නෙ කොහොමද , වෙයිබෝ වලට ලොග් වෙන්න්වත් බෑ..
මොනව හරි ලොකු දෙයක් හැබැයි .
මොකද මගේ බොසුත් ගොඩක්ම කලබල වෙලා.

මගේ බොස්ද?? එයාව ඔයාලා දන්නවා. ඒ xiao zhan .
මම එයාගෙ පුද්ගලික භෞත චිකිත්සක .. ඒ කිව්වේ personal physiotherapist.

..............ං❤️💚

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්..

ෆෝන් එක rings යනවා. හරි . මම හිතුවා පරක්කු මොකෝ කියලා . call එක ලන්කාවෙන්. මගේ girl friend . එයා ලන්කාවේ කැම්පස් එකක දෙවෙනි වසරේ student කෙනෙක්. ඔය කෝල් කරන්නේ මා ගැන අහන්න නෙවෙයි කියලා මම දන්නවා .  කෝල් එක කට් කරලා ,මම බිසී කියලා එයාට message එකක් දැම්මා..

මම චීනෙට එන්න කලින් ඉදන් එයා එක්ක යාලුවෙලා හිටිය නොවෙයි නම්, මට හිතෙනවා මේ කෙල්ල මා එක්ක යාලු වුනේ xiao zhan ගේ විස්තර අහගන්න කියලා.
එයා කැස්බෑවෙක්ලු. BJYX group එකකලු.
මට නම් ඕවා තේරෙන්නේ නෑ.
ඒත් මම එයාටවත් මගේ බොස්ගේ පුද්ගලික විස්තර දෙන්නෙ නෑ..
මොකද මම NDA එකක් අත්සන් කරලා තියෙන්නේ .
ඒ කිව්වේ non disclosure agreement .
ඒ නැතත් මගේ බොස් xiao zhan .. ඇත්තටම ගොඩක් හොද කෙනෙක් .. ඉතින් එයාට හානියක් වෙන දෙයක් මම girl friend ට වත් කියන්නේ නෑ.

මම දැක්කා බොස්ගේ කාමරේ ඉදන් මැනේජර්,wu chang එලියට එනවා. එයාගේ මූණත් අදුරු වෙලා.
" chang , මොකද ප්‍රශ්නය ? "

" ආ.. රයන්.., බොස්ට හදිසි නිවාඩුවක් ඕන වෙලා. මම මේ director පොඩ්ඩක් හමුවෙන්න යනවා. "
එයා කිව්වේ රහසින් වගේ.

" නිවාඩුවක් ?? රූගත කිරීම් ඉස්සරහ සති දෙකකටම ප්ලෑන් කරලා නේද තිබුනේ?? "

" ඔව්. බොස් කීවා වෙන පාඩුව එයා අතින් ගෙවන්නම් කියලා. දවස් දෙකක් වත් නිවාඩුවක් ඕන කියලා" .

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now