11

324 66 88
                                    

වර්තමානය.

Xiao Zhan එක්ක, මැනේජර් Wu Chang සහ මම සටනේ ඊලග පියවරට ලෑස්ති වුනා. අපි තුන්දෙනා ගියේ GQ එකේ ඔෆිස් එකට, ගිහින් හම්බ වුනා production manager .
කලින් කතා කලාම Editorial එකෙන් නම් කැමතියි කීවා ආයෙත් ඉන්ටර්වීව් එක කරලා අලුතින් article එක ලියන්න.
කොහොම වුනත් production manager කිව්වේ දැන් magazine ඔක්කොම print කරලා ඉවර නිසා ඒ පාඩුව දරා ගෙන ආයෙත් අලුත් print එකක් කරන්න බෑ කියලා.
ඒ නිසා කණගාටුවෙන් වුනත් ඒ lot එක market එකට යවන්න වෙනවා කිව්වා.

Xiao zhan ඒ ඉන්ටර්වීව් එකක සැටිස් නෑ කිව්වම, writer කැමති වුනා නැවත ඉන්ටර්වීව් එකක් කරන්න .
ඒත් තමන්ට නොදන්වාම ඒ ආර්ටිකල් එක තමන් නොකියූ දේවල් පවා ලියලා , වෙන මාසවලට වඩා වෙනස් විදිහට කලින්ම print කල එකට හේතුව ඇහුවම එයාට කියන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් ප්‍රඩක්ශන් මැනේජර්ට තිබුන ප්‍රශ්නය කව්ද ඒ මැගසින් එක xiao zhan ගෙ අතට දුන්නෙ කියලා.
එයාගෙන් සුබදායී ප්‍රතිචාරයක් ලැබෙන පාටක් තිබ්බේ නෑ.

මෙච්චර වෙලා අපෙන් කතාකලේ වැඩිපුරම wu chang .
අන්තිමට xiao zhan කට ඇරියා.

" හොදයි , මහත්මයා ඔබට ඒ magazine නැවත print කරන පාඩුව දරාගන්න බැරි බව මට තේරුම් ගන්න පුළුවන් . එහෙනම් ඒක issue කරනවා නම් මට weibo, සහ oasis මගේ account වලින් වුන මේ ඉන්ටර්වීව් සිද්ධිය නිසා මා ලක්වූ අපහසුතාවය මගේ රසිකයන්ට කියන්න වෙනවා. එතකොට මේ මැගසින් එක ගන්නවාද කියලා එයාලා තීරනය කරාවි"

" ඔව් ඔව්. මේ පාර මැගසින් එක කවුරු හරි ගන්නෙ ඉතින් xiao zhan  හින්දමනෙ"
මාත් කිව්වා.
ඒක තමයි ඇත්ත. මේ issue එකේ එයාලගෙ main attraction එක zhan තමයි

ඒක ඇහුවම නම් production manager ගෙ මුහුණ දෙක වුනා.

" මහත්මයා , අපි හොදටම දන්නවා writer අතට  ඒ ප්‍රශ්න ටික ලැබුනේ කොහොමද, කාගෙ බලපෑමකින්ද කියලා. අන්න ඒ බලපෑම් කල කෙනාටම කියලා අලුත් print එකට financial aid එකක් ගන්න ."
Wu chang කිව්වේ සීරියස් ටෝන් එකකින්.

මේ පාර නම් production manager කාරයාට කට උත්තර නැති වුනා.

" හොදයි අපි බලමු". ඔහු කිව්වා.

" මේකට සුභදායී විසදුමක් ආවේ නැත්නම් මම ආයෙත් GQ magazine එකේ කිසිම දේකට සහභාගි වෙන්නෙ නැ. අනික මට ආරාධනාවක් ඇවිත් තියෙනවා Elle magazine එකෙ interview එකකට . එහෙම උනොත් මම ඒකත් ලබන මාසයටම  arrange කරන්න කියනවා"
Zhan කිව්වා.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now