13

278 65 65
                                    

වර්තමානය.
Xiao Zhan POV

" මතකද ඔයාටත් මෙහෙම break එකක් ඕන වුනා දවසක්.. ??
එදා මාත් මුලින්ම ඔයා වගේ බෑ බෑ කිව්වා. ??
ඒත් මම ඔයාට ඒ break එක ගන්න දීලා, ආයෙත් ඔයා එනකල් බලා හිටියා?? "

ඔව් ..ඒක මට හොදට මතකයි.
මම එහෙම කලාට ඔයා නරක ආදර්ශ ගන්න ඔට්ටු නෑ මෙච්චර කල් ගිහින්..

ඒ the untamed රූ ගත කරලා ඉවර උන අලුත.
හීනයක් වගේ සුන්දර වුන.. අපිට අපි නැතුවම බැරි වෙන තරමට පිස්සුවක් වුන ඒ අමතක නොවන summer එක අවසානය.

2017 පලවෙනි හමුවීමේ සිට නිතර කතාබහ කරමින් ඉන්න කාලෙ ඉදන්ම සිත් වල ආදරය තිබුනට .. The untamed රූගත කරන කාලේ තමයි අපි දෙන්නා හොදටම ලන්වුනේ..
මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ .
මුල්ම හාදුව, ආදරෙන් වුන මුල්ම එක්වීම...ඔක්කොම උනේ මේ කාලේ.

ඒ අතර මම මගේ චරිතය wei wuxian ටත් ගොඩක්ම බැදුනා.. එයා අමතක කරන්න බැරි චරිතයක්.
Wei wuxian ගෙ හිතේ lan zhan ගැන තියෙන ආදරේ මට ගොඩක් දැනුනා.

හරියටම තෝර ගන්න බැරිවුනාට ඒ දවස් වල මගේ හිතේ තිබුනේ wang yibo ට වගේම lan zhan ටත් දැනුන ආදරේ එකතුවක් වෙන්න ඇති.
ආදරෙන් මත් වෙලා අපි දෙන්නා එක්කෙනෙක් වුන විරාමයන් වලදී මම ඇස් දෙක පියාගත් වෙලාවක , මම මේ සිපගන්නේ lan zhan කියලා හිතුන වෙලාවල් වුනත් තියෙන්න ඇති ඉදලා හිටලා..

2018-08-23 the untamed රූ ගත කිරීම් අවසන් වුනා.
එතකොට තමයි Character bleed කියන එක මට පලවෙනි වතාවට හොදටම දැනුනේ .

ඉතින් මට ඕන වුනා ,මගේ ආත්මයට කාවැදුනු Wei wuxian ගේ චරිතයට සමු දෙන්න.
මට ඕන උනා මගේ හිතේ yibo ට තියෙන ආදරේ lan zhan ට තියෙන ආදරෙන් වෙන් කරලා ගන්න.

ඒ වගේම මට ඕන වුනා yibo යි මායි අතර ඇතිවුනේ නිකම් spur-of-the-moment feeling එකක් , නැත්නම් නිකම් summer love එකක් විතරක් නොවෙයි කියලා තහවුරු කරගන්න .

ඒ වගේම ඇත්තටම මට මොනවද ඕනා..
C entertainment industry එකේ මේ වගේ සම්බන්ධයක් පවත්වාගෙන යන්න ගන්න ඕන risk එක ගැන මට හිතුනා !!
මගේ දෙමව්පියන්ගෙ ප්‍රතිචාරය මොකක් වේවිද මට හිතුනා..!!

මේ ඔක්කොම දේවල් එක්ක මට ඇත්තටම මොනවද ඕන..

මට හිතන්න ඕන වුනා.
මට break එකක් ඕන වුනා..
හැමදෙයින්ම break එකක් ඕන වුනා..
වැඩිපුරම මට අපෙන් ඈත් වෙන්න ඕන වුනා ටික වෙලාවකට. යිබෝගෙන් ඈත් වෙන්න ඕන වුනා ටික කාලයකට..
යිබෝ ලගදි මාව අයිස්කක්‍රීම් එකක් වගේ දියවෙලා යනවා.. මුකුත් තර්කානුකූල විදිහකට හිතාගන්න බෑ..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now