41

178 41 59
                                    

වර්තමානය.

Xiao Zhan

ඔයාගෙ හිතේ කැමැත්තක් නැති එක්කෙනෙක් ආදරෙයි කිව්වම අපහසුතාවයකට ලක්වෙනවා නේද.
එතකොට එයාට මානසික ප්‍රශ්නයකුත් තියෙන කොට , දවස් දෙකකට කලින් දිවි නසා ගන්නත් හදලා තියෙන කොට කොහොම වේවිද.

මගේ හිතේ එයා ගැන කැමැත්තක් නැති බව බොහොම සීරුවට තමයි මම කිව්වේ.

" peng yue මේ අහන්න . මම ඔයාට කරුණාවෙන් කතා කලා තමයි. ඒ ඔයාගෙ ප්‍රශ්න නිසා. ඔයා ඒ නිසා මා ගැන බලාපොරොත්තු තියාගන්න එපා.. "
මම තව දුරටත් කිව්වා.

" ඔයා මට උත්තර දෙන්න හදිස්සි වෙන්න ඕන නෑ zhan zhan . මට කලබලයක් නෑ. "

" කවදා වුනත් උත්තරේ වෙනස් වෙන්නෙ නෑ peng yue.."
මම කිව්වා..

" ඒත් ඇයි? මගේ අඩුපාඩු මොනවද ? මට කියන්න මට හදාගන්න පුළුවන් ."

මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කොහොමද.

" ඔයාගෙ අඩුපාඩුවක් නෙවෙයි peng yue . අපි මේ කතාව නවත්තමු.."
මම එතනින් යන්න නැගිට්ටා.

" මගෙ අඩුපාඩුවක් නැත්නම්.. එහෙනම් ඔයාට වෙන කවුරු හරි ඉන්නවද?? "
මෙයා නවත්වන්නෙම නෑනේ..

" ඇත්තටම දැන් මේ කතාව නවත්තමු .. "
මම එතනින් පිටත් වුනා..

" zhan zhan ..."
එයා මගේ පිටිපස්සෙන් දුවලා ඇවිත් කතා කලා.

" මට තේරෙනවා ඔයා කියන දේ.. කමක් නෑ..
ඒත්.. ඒත්.. ඔයා දන්නවනෙ මගේ මානසික තත්ත්වය. ඒ නිසා මාත් එක්ක කතා නොකර ඉන්න එපා please .."

මම ඒකට මුකුත් නොකියා හිස සලා එතනින් ආවා.
ඒත් හෙමිහිට peng yue එක්ක කතා කරන එක අඩු කරන්න ඕන

............❤️💚.......

රෑ වෙලා යිබෝට කෝල් කල වෙලාවේ මම මේ ගැන කිව්වා.
. ඉස්සර නම් මේ වගේ මෝඩ ප්‍රශ්න කියනවට වඩා අපිට ලැබෙන සිමිත වෙලාවෙ ආදර කතා කියන්න , හුරතල් වෙන්න මම කැමතියි. ඒත් දැන් GQ magazine එකේ සිද්ධියෙන් පස්සේ මම මේ වගේ හැම දෙයක්ම එයා එක්ක කියනවා . සමහරවිට මම නොදකින කෝන වලින් ප්‍රශ්නය දකින්න එයාට පුළුවන් .

" එයාට depression ද කියලා මම දන්නෙ නෑ zhan ge. මම දන්නෙ ඔයා එයාගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕන කියලා විතරයි"

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now