55

217 42 95
                                    

වර්තමානය.

රයන්

බොස්ගෙ ලෝයර් mr lee, සහ private investigator අපිට ඉස්සරහ වාහනෙන් යනවා.
මේ වාහනේ ඉන්නේ මම , wu chang සහ liu min .. !
XZ studio එකේ නියෝජනය. 

අපි මේ කොහෙද යන්නෙ..?

මාධ්‍ය හමුව අවසානයේ xiao zhan ව හමුවෙන්න ආවේ legend of shen yuan ඩ්‍රාමා එකේ නිශ්පාදක , අර peng yue ගෙ තාත්තා .. Peng chao ..
එයා xiao zhan එක්ක තනියම ටිකක් වෙලා කතා කලා.

එයා පිටත් වුනාට පස්සේ එලියට ආපු xiao zhan ගෙ මූණේ තිබුනේ සංකීර්ණ හැගීමක්..
අතේ තිබුනේ කොල කැබැල්ලක් ..
Beijin city එකේම address එකක් ලියපු කොල කැබැල්ලක් .

...........❤️💚.........

ඉතින් අපි ඒ address එක තියෙන තැනට යනකොටත් police department එකෙන් එතනට ගිහින් .
ඒ ගෙදර ඇතුලෙ ඉදන් අතට මාංචු දාපු තරුණ කොල්ලෙක්ව එයාලා අරගෙන ආවා..

Kai min fen..!!

එයාව මට අදුනා ගන්න පුළුවන් උනා.
ඒකාව එක පොලිස් වාහනයක දාගෙන පිටත් වුනාට පස්සේ අපි ඒ ගෙදරට ගියා.

Wow .. හොස්පිට්ල් Cleaning service එකක වැඩ කල එක්කෙනෙක්ගෙ ගෙදරක් වගේ නෙවෙයි මේක . Super luxury apartment එකක්නෙ.!!
පහල තට්ටුවෙ කාමරයක තමයි kai min fen ඉදලා තියෙන්නෙ .  එයාගෙ වගේ ඇදුම් එහෙම එතන තිබුනෙ..

පහල තට්ටුවෙ තව කාමරයක computers කීපයක් තිබුනා.  ලෝයර් එක්ක ආපු investigator එතන නැවතුනා computers check කරන්න ..

ගෙදර උඩ තට්ටුවකුත් තිබුනා. උඩ තට්ටුවේ තවත් නිදන කාමරයක් තිබුනා. ඒක ගොඩාක් ලොකු luxury කාමරයක්.
බැලු බැල්මට පෙනුනා ඒක ගෑණු ලමයෙක්ගෙ කාමරයක් කියලා. ඒකෙ තිබුනෙත් luxury brand වල බඩු. branded Handbag සහ shoes.. අල්මාරි වල branded ඇදුම්. හැබැයි ඇදුම් සහ බඩු බොහොම ටිකයි තිබුනෙ .

" කවුරු උනත් මෙහෙ පදිංචි වෙලා නෙවෙයි. එනවා යනවා වගේ පෙනුම තියෙන්නෙ ."

කාමරේ දකුණු බිත්තිය ලග තිබුනු අල්මාරියක් දිහා police officer කෙනෙක් උනන්දුවෙන් බලන් ඉන්නවා මම දැක්කා ..

" ඇයි officer?? "
ලෝයර් lee එයාගෙන් ඇහුවා.

" මේක පොඩ්ඩක් අයින් කරලා බලමු අපි.."
පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඒ අල්මාරිය එහාට තල්ලු කලා..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now