50

197 41 77
                                    

වර්තමානය.

Xiao Zhan

අද අපි උදේ පාන්දරම ඇහැරුනේ නෑ. ඊයෙ රෑ kitchen adventures වලින් පස්සේ සෝෆා එකේ , ඊටත් පස්සෙ නිදන කාමරයේ adventures වලින් පස්සෙ නිදාගන්නත් ගොඩක් පරක්කු උනා. Alarm එකක් තියා ගන්නෙ නැතුව හිතේ හැටියට නිදා ගන්න පුළුවන් දවස් ලේසියෙන් එන්නෙත් නෑනෙ .. විශේෂයෙන් යිබෝගෙ තුරුලෙ නිදාගන්න පුළුවන් දවස්..
මම නම් ෆෝන් එකත් ඕෆ් කරලයි නිදා ගත්තෙ. යිබෝ නම් ෆෝන් එක සයිලන්ට් දැම්මා මම හිතන්නෙ.

Beijin අහසේ හොදට හිරු බබලද්දී මම මුලින්ම අවදි උනා..

" බොබෝ, බොබෝ නැගිටින්න.."

" ම්ම්ම්ම්... ඔයා මුලින්ම bathroom ගිහින් එන්නකෝ. ඊට පස්සේ මට කතා කරන්න .."
එයා ආපහු ඇස් පියාගෙන අනික් පැත්ත හැරුනා.

" මොනවද උදේට කන්නේ..?? "

කපල් එකකට තියෙන සදාකාලික ප්‍රශ්නය . මොනවද ඊලග වේලට කන්නේ??
දුප්පත් , පෝසත්, ගෑණු , පිරිමි , ඒ වගේම පිරුණු සහ හිස් වුන ශීතකරණ තියෙන ඕනම කපල් එකකට තියෙන universal problem එක.

" ඔයා කැමති ඕනම දෙයක් zhan ge.. අවුලක් නෑ.."
යිබෝ කියන්නෙ ඇස් දෙක අරින්නෙත් නැතුව..

දවල් වෙලත් නිසා දැනට මොනව හරි සිම්පල් දෙයක් හදනවා. Lunch එකටම හොද meal එකක් ගත්ත නම් හරි.

" පෑන් කේක් ,?? "

" පෑන් කේක් එපා.."

" සීරියල් ?? "

" එපා නේද? "

" රාමේන්? "

" රාමේන් හරි යන්නෙ නෑ.."

ඔන්න ඉතින් ඔයා කැමති ඕනම දෙයක් zhan ge කියලා කියපු මනුස්සයගෙ උත්තර.
මම මේකාට හිතින් බැන බැන ෆෝන් එක ගත්තා..

" මම මොනව හරි ඕඩර් එකක් දානවා එහෙනම්. පස්සේ මුකුත් කියන්න එපා.."

මේ විදිහට බොහොම සාමාන්‍ය විදිහට පටන් ගත්ත දවස සම්පූර්ණයෙන් කනපිට ගැහුනේ ෆෝන් එක ඔන් කලාට පස්සේ ..

බීප් බීප් සද්දෙන් නොගිනිය හැකි තරම් මැසේජ්ස් සහ missed calls ගොඩක් මගේ ෆෝන් එකට එන්න ගත්තා..
ඒ සද්දෙට යිබෝත් එක පාරටම ඇදේ වාඩි වුනේ නරක දෙයක් ඉව වැටිලා වගේ.. අපි දෙන්නා මූණට මුණ බලා ගත්තා.
යිබෝත් nightstand එක උඩ සයිලන්ට් දාලා තිබුන එයාගෙ ෆෝන් එක අතට ගත්තා..
ඒකේ screen එක දිහා බලපු යිබෝ බය වෙලා වගේ මා දිහා බැලුවා..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now