38

192 42 41
                                    

වර්තමානය.

Xiao zhan

Peng yue මට ඉස්සරහින් ගිහින් ගහක් ගාව තියෙන බංකුවක් ලග වාඩි වුනා.

" වාඩිවෙන්න xiao zhan laoshi "

එයා වාඩිවෙලා ඉන්න කොට මට හිටගෙන ඉදන් කතා කරන්නත් බෑ. ඒත් තනියම මෙයා එක්ක බෙන්ච් එකක වාඩිවෙලා ඉන්න කොට කවුරු හරි ෆොටෝ එකක් ගනීද දන්නෙත් නෑ.
ඒත් මේ shanghai film studio එක ඇතුලේ නිසා ෆොටෝස් ගන්න මොකෙක් වත් නැතුව ඇති කියලා මට හිතුනා.

" xiao zhan laoshi , මාව වරදවා වටහා ගන්න එපා. මම පිටරට ඉදන් ඉගෙන ගෙන චිනෙට ආව ගමන් නිසා මට මෙහේ යාලුවො නෑ. ඔයා ගොඩක් කරුණාවන්තයි. ඒක නිසා මට ඔයා එක්ක මේක කියන්න හිතුනා.."

මම බංකුවෙන් වාඩි වුනාට පස්සේ peng yue කියනවා.

" කියන්න peng yue. ඔයාට මොනව හරි ප්‍රශ්නයක්ද?? "

" මට හැමදේම එපා වෙලා තියෙන්නෙ.."

" ඒ කිව්වෙ?? "

Peng yue ටිකක් වෙලා නිහඩව ඉදලා , ආපහු හිමිහිට කතා කරන්න ගත්තා.

" මට ඔයාගෙන් උපදෙසක් ඕන.
ගෙදර ප්‍රශ්න හින්දද මන්දා මට මේ ලගදි ඉදන් හැමදේම එපා වෙලා වගේ දැනෙනවා.. නින්ද යන්නෙත් නෑ..හැම තිස්සෙම හේතුවක් නැතුව දුකක් දැනෙනවා.. "

" peng yue, ඔයා අම්මා , තාත්තා එක්ක මේ ගැන කතා කලාද?? "

" මගේ අම්මා නැති වෙලා xiao zhan laoshi . මට මේවා තාත්තට කියන්න බෑ. තාත්තා හිතන්නෙ මට අවුරුදු 25 ක් වුනාට මුකුත් කරගන්න බැරි එක්කෙනෙක් කියලනෙ. මේවා ඇහුවම තවත් ඒක තහවුරු වේවි"

" peng yue , මට ඔයාට මේකට උපදෙස් දෙන්න තරම් සුදුසුකමක් නෑ. ඒත් මට හිතෙනවා ඔයා therapist  කෙනෙක්ව පොඩ්ඩක් හම්බ වුනා නම් හොදයි කියලා . ඔයාගෙ හිතේ තියෙන ඔක්කොම දේවල් කියන්න පුළුවන්නෙ"
මම කිව්වා.
මේ කෙල්ලට counseling විතරක් ඇති වෙයිද මන්දා. සමහරවිට බෙහෙතක් බොන්න වේවිද දන්නෙත් නෑ.

"ඔව් ඔයා හරි. ගොඩක් ස්තූතියි . මටත් හිතෙනවා therapist  කෙනෙක් හම්බ වුනා නම් හොදයි කියලා . "

" ඒක හොදයි peng yue .. මතක තියාගන්න ඔයා වටින පුද්ගලයෙක්.."

" අනේ ගොඩක් ස්තූතියි. Zhan zhan .. ඔයාගෙ වචන වලින් මට සැනසීමක් දැනෙනවා"

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now